Apple සමාගම විසින් ඔවුන්ගේ නවතම මෙහෙයුම් පද්ධති වන iOS 26.4 සහ iPadOS 26.4 නිකුත් කර තිබේ. පරිශීලකයින්ට Settings හි Software Update හරහා මෙම නවතම සංස්කරණය ලබාගත හැක.
මෙහි ප්රධානතම අංගය වන්නේ Apple Music සඳහා හඳුන්වා දී ඇති AI තාක්ෂණයෙන් ක්රියාත්මක වන Playlist Playground විශේෂාංගයයි. මීට අමතරව Control Center මඟින් අන්තර්ජාල පහසුකම් නොමැතිව ගීත හඳුනාගත හැකි Offline Music Recognition පහසුකමද මෙයට ඇතුළත් කර ඇත.
තවද Accessibility යටතේ නව වෙනස්කම්, නව emoji අක්ෂර 8ක්, Freeform සඳහා නව මෙවලම් මෙන්ම Family Sharing භාවිතා කරන අයට තමන්ගේම payment methods භාවිතා කිරීමේ හැකියාව ද මෙම update එක මඟින් ලබා දී ඇත.
උපුටා ගැනීම: Techie Instants
