Apple සමාගම WWDC 2026 හිදී iOS 27 සහ macOS 27 සඳහා නවතම Siri app එකක් හඳුන්වා දීමට සූදානම් වේ. මෙය systemwide AI agent එකක් ලෙස ක්‍රියා කරනු ඇත.
පරිශීලකයන්ගේ emails, messages සහ notes දත්ත භාවිතා කරමින් Perplexity සහ Google Gemini වැනි AI search tools වලට තරඟකාරී වන අයුරින් මෙය නිර්මාණය කර ඇත. මෙම නව Siri app එක chat interface එකකින් සමන්විත වන අතර, voice සහ text මගින් භාවිතා කළ හැක. මීට අමතරව පින්තූර සහ documents upload කර analysis කිරීමේ පහසුකමද මෙහි ඇත.
තවද, iPhone හි Dynamic Island සහ Spotlight search හරහා Siri වඩාත් පහසුවෙන් භාවිතා කිරීමට නව design එකක් ද Apple විසින් පරීක්ෂා කරමින් පවතී.
උපුටා ගැනීම: Techie Instants
