Apple සමාගම 2026 දී Touchscreen සහ OLED සහිත නව MacBook Pro මාදිලියක් නිකුත් කිරීමට සූදානම් වේ

Mic
By Mic

Apple සමාගම විසින් අලුතින් හඳුන්වා දීමට නියමිත touchscreen OLED MacBook Pro පරිගණකය, iPhone හි ඇති Dynamic Island විශේෂාංගයෙන් සමන්විත වනු ඇත. මේ හරහා දැනට පවතින notch එක ඉවත් වී තිරයේ ඉඩ ප්‍රමාණය වැඩි වේ.

මෙහිදී macOS වඩාත් touch-friendly වන සේ යාවත්කාලීන කරන අතර, iPad වල මෙන් pinch gestures ද භාවිත කළ හැක. කෙසේ වෙතත්, මෙය keyboard සහ trackpad සහිතවම පැමිණෙන අතර එය touch-first උපාංගයක් ලෙස ප්‍රවර්ධනය නොකෙරේ.

අඟල් 14 සහ 16 ප්‍රමාණ වලින් පැමිණෙන මෙම මාදිලි සඳහා 2-nanometer තාක්ෂණයෙන් යුත් M6 Pro සහ M6 Max chips භාවිතා කිරීමට නියමිතය. මෙම නව මාදිලිය 2026 වසරේ අගභාගයේදී වෙළඳපොළට නිකුත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

උපුටා ගැනීම : Techie Instants

Share This Article