තම ව්‍යාපාරය වඩා ලාභදායී කරගැනීම සඳහා model ගණන අඩු කිරීම, AI භාවිතය වැඩි කිරීම සහ චීනය, ඇමරිකාව, යුරෝපය සඳහා වෙන වෙනම වෙළඳපොළ සැලසුම් ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙයි. පසුගිය සැප්තැම්බර් 30 වැනිදා ආයෝජක හමුවකදී සමාගම මෙම නව සැලැස්මේ ප්‍රධාන කරුණු ඉදිරිපත් කළේය.
BMWගේ දිගුකාලීන ඉලක්කය වන්නේ මෝටර් රථ අංශයේ ලාභ අනුපාතය 8%ත් 10%ත් අතර මට්ටමකට ගෙන ඒමයි. ඒ සඳහා අඩු ලාභයක් ගෙන දෙන model සහ variants කිහිපයක් ඉවත් කර, වැඩි ඉල්ලුමක් සහ වැඩි ලාභයක් ඇති වාහනවලට වැඩි අවධානයක් යොමු කිරීමට සමාගම සැලසුම් කරයි.
මෙහි එක් උදාහරණයක් ලෙස BMW 2 Series Active Tourer සඳහා අලුත් අනුප්‍රාප්තික model එකක් හඳුන්වා නොදීමට තීරණය කර තිබේ. ඒ සමඟම සමාගමේ අභ්‍යන්තර කළමනාකරණ ව්‍යුහයද සරල කර, 2027 මැද වනවිට divisions සහ කළමනාකරණ තනතුරු 20%කින් අඩු කිරීමට නියමිතයි.
චීනය BMWගේ ප්‍රධාන වෙළඳපොළක් ලෙස තවදුරටත් පවතින අතර, එහි අලෙවි වන වාහන වැඩි වශයෙන් චීනය තුළම නිෂ්පාදනය කිරීමට සමාගම බලාපොරොත්තු වෙයි. 2030 වනවිට චීන පාරිභෝගිකයන්ට ගැළපෙන වාහනවලින් 95%ක් දේශීයව නිෂ්පාදනය කිරීම BMWගේ ඉලක්කයයි.
ඇමරිකාවේදී BMW තම X7 model එකටත් ඉහළින් ස්ථානගත කරන නව luxury SUV එකක් හඳුන්වාදීමට සැලසුම් කරයි. South Carolinaහි Spartanburg කර්මාන්තශාලාව luxury SUV ඉල්ලුම නිසා සම්පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක වන බැවින්, මෙවැනි වාහන නිෂ්පාදනය වෙනත් ප්රදේශවලටද පුළුල් කිරීමට සමාගම සලකා බලමින් සිටී.
යුරෝපය සඳහා 2028දී Neue Klasse පරාසයෙන් අඩු මිල මට්ටමේ සම්පූර්ණ විදුලි model එකක් හඳුන්වාදීමටද BMW සැලසුම් කර තිබේ.
AI භාවිතය මෙම නව සැලැස්මේ තවත් ප්‍රධාන කොටසකි. වාහනයක මුල් සැලසුම් අදියරේ සිට පරීක්ෂණ සහ අවසන් නිෂ්පාදනය දක්වා සම්පූර්ණ සංවර්ධන ක්‍රියාවලියට AI සහාය එක් කිරීමට BMW බලාපොරොත්තු වෙයි.
ස්වයංක්‍රීය ධාවන සහායද පුළුල් කිරීමට නියමිතයි. navigation මගින් මඟ පෙන්වන රියදුරු සහාය පහසුකම් පළමුව ජර්මනියේ හඳුන්වාදී, පසුව ඇමරිකාව ඇතුළු වෙනත් වෙළඳපොළවලට ගෙනයාමට සැලසුම් කර ඇත.
අමුද්‍රව්‍ය සහ semiconductors වැනි වැදගත් කොටස් සපයාගැනීමේ අවදානම අඩු කිරීමට, යුරෝපා සංගමය තුළ තරඟකරුවන් සමඟ පවා හවුල්කාරිත්ව ගොඩනැගීමට BMW සූදානම් වෙයි.
මෙම වෙනස්කම්වලින් BMW උත්සාහ කරන්නේ වැඩි model ගණනක් පවත්වාගෙන යන පැරණි ක්‍රමයෙන් ඉවත් වී, වෙළඳපොළට ගැළපෙන නිෂ්පාදනය, අඩු වියදම, වැඩි AI භාවිතය සහ වැඩි ලාභය කෙරෙහි අවධානය යොමු කරන ව්‍යාපාරික ආකෘතියකට මාරුවීමයි.
Red Bunny
