Google සමාගම Chrome browser හි HTTPS certificates quantum attacks වලින් ආරක්ෂා කිරීමට සැලසුම් කරයි. දැනට ඇති certificates 64 bytes වුවත් quantum-resistant certificates 2.5 kilobytes පමණ විශාල බැවින් අන්තර්ජාල වේගය අඩාල විය හැක. මෙය මගහැරීමට Google සහ Cloudflare එක්ව Merkle Trees තාක්ෂණය ඔස්සේ Merkle Tree Certificates හෙවත් MTCs හඳුන්වා දෙයි.
මෙහිදී විශාල දත්ත වෙනුවට කුඩා lightweight proof එකක් යොදා ගනී. Shor algorithm වැනි ප්‍රහාර වලින් TLS certificates සහ transparency logs ආරක්ෂා කිරීමට ML-DSA වැනි quantum-resistant algorithms භාවිතා කරයි. මේ වන විට Cloudflare ආයතනය certificates 1000 ක් පමණ යොදාගෙන මෙම නව MTCs ක්‍රමය test කරමින් පවතී.
උපුටා ගැනීම : Techie Instants
