Claude නාමය පිටුපස සිටින සැබෑ විද්‍යාඥයා: Claude Shannon’s legacy

Mic
By Mic

1948 වසරේදී, වයස අවුරුදු 32ක් වූ තරුණ විද්‍යාඥයෙක් Bell Labs හිදී ලියූ පත්‍රිකාවක් ලෝකයම වෙනස් කළා. ඒ පත්‍රිකාවට නම දීලා තිබුණේ “A Mathematical Theory of Communication” කියලා.

ඒ වෙලාවේ එය සම්පූර්ණයෙන්ම තේරුම් ගත්තේ කවුරුත් නෙවෙයි.ඉංජිනේරුවන්ට ඒක වැඩියෙන් ගණිතමය වුණා. ගණිතඥයන්ට ඒක වැඩියෙන් ඉංජිනේරුමය වුණා. ප්‍රසිද්ධ ගණිතඥයෙක් ඒ ගැන අහිතකර විචාරයක් පවා ලියලා තිබුණා.ඒත්, පසුව කාලයත් එක්ක ලෝකය තේරුම් ගත්තා — ඒ පත්‍රිකාව තමයි ඩිජිටල් යුගයේ උපන් ලේඛනය.ඒ මිනිසා වුණේ ක්ලෝඩ් ශැනන්.අද ඔහුව හඳුන්වන්නේ “Information Theory” කියන විෂයයේ පියා ලෙස.

## වයස 21දී ලියූ ලෝකය වෙනස් කළ නිබන්ධනය

ශැනන්ට වයස අවුරුදු 21ක් වෙද්දී, ඔහු MIT හිදී මුල් කාලීන යාන්ත්‍රික පරිගණකයක් සමඟ වැඩ කරමින් හිටියා.

එහි relay switches කියන කොටස් වලට තිබුණේ තත්ව දෙකක් විතරයි.Open, Closed ,එකම කාලයේ ඔහු Boolean Algebra ගැන ඉගෙන ගත්තා. ඒකත් ක්‍රියා කරන්නේ තත්ව දෙකක් මතයි.

True, False .මෙතෙක් කවුරුත් මේ දෙක අතර සම්බන්ධය දැකලා තිබුණේ නැහැ.1937දී ඔහු ලියූ master’s thesis එකෙන් ඔහු පෙන්වා දුන්නා Boolean Algebra සහ විදුලි සර්කියුට් එකම ගණිතමය අදහසකින් විස්තර කරන්න පුළුවන් කියලා.සරල switch කිහිපයක් එකතු කරලා ඕනෑම logical operation එකක් ගොඩනගන්න පුළුවන් කියන අදහස එතැනින් උපන්නා.අද අපි භාවිතා කරන හැම ඩිජිටල් පරිගණකයකම, හැම processor එකකම, හැම smartphone එකකම මුල ඒ අදහස තුළ තියෙනවා.

Howard Gardner පසුව ඒ thesis එක ගැන කිව්වේ:

> “එය 20 වන සියවසේ වැදගත්ම සහ ප්‍රසිද්ධම master’s thesis එක විය හැක.”

## වයස 29දී ඔහු පෙන්වා දුන්නේ “සම්පූර්ණ ආරක්ෂාව” ඇත්තටම තිබෙන බව

දෙවන ලෝක යුද්ධ සමයේ ශැනන් Bell Labs හි රහසිගත cryptography වැඩවල නිරත වුණා.ඔහුගේ වැඩ SIGSALY කියන secure voice system එකට දායක වුණා. ඒ පද්ධතිය Roosevelt සහ Churchill අතර රහසිගත දුරකථන සම්බන්ධතා සඳහා භාවිතා වුණා.1945දී ශැනන් රහසිගත memorandum එකකින් ඔප්පු කළා one-time pad encryption ක්‍රමය සම්පූර්ණයෙන්ම නොබිඳිය හැකි බව.ඒක හුඟාක් බලවත් computer එකක් තිබුණත් බිඳින්න බැහැ.

අසීමිත බලයක් තිබෙන සතුරෙක් හිටියත් බිඳින්න බැහැ.ඒක ගණිතමය වශයෙන්ම “perfect secrecy” කියන දෙය.1949දී ඒ කාර්යය declassify වුණාම cryptography කියන ක්ෂේත්‍රය කලාතුරකින් කරන කලාවක් වීමෙන් විද්‍යාත්මක විෂයයක් බවට පත් වුණා.පසුව DES, AES සහ අද භාවිතා කරන සියලුම encryption standards වල මුල් ගල් මේ වැඩෙන් වැටුණා.

## වයස 32දී ඔහු “තොරතුරු” කියන දේම නිර්වචනය කළා

1948දී ලියූ ඔහුගේ ප්‍රසිද්ධ පත්‍රිකාවේදී ශැනන් තනි සූත්‍රයක් හඳුන්වා දුන්නා.මෙය Shannon Entropy ලෙස හඳුන්වනවා.

එය probability distribution එකක ඇති uncertainty ප්‍රමාණය කියන දේ මැනීමක්.තවත් සරලව කියනවා නම්, message එකක් encode කරන්න අවම වශයෙන් කොච්චර bits අවශ්‍යද කියන දේ.

මේ සූත්‍රයෙන් ලෝකය වෙනස් කළ අදහස් තුනක් උපන්නා.පළමුව, “bit” කියන තොරතුරු ඒකකය නිර්වචනය වුණා. “bit” කියන නම ඔහුගේ සගයෙක් වූ John Tukey විසින් යෝජනා කළා.දෙවැනිව, Shannon channel capacity theorem උපන්නා. ඒ අනුව, ඕනෑම communication channel එකකට විශ්වාසදායකව data යවන්න පුළුවන් උපරිම වේගයක් තියෙනවා.ඒ සීමාවට ළඟා වෙන්න පුළුවන්.නමුත් ඒක ඉක්මවන්න බැහැ.තුන්වැනිව, telegraph, telephone සහ radio කියන සියලුම සන්නිවේදන පද්ධති එකම ගණිතමය framework එකක් යටතේ එක් කළා.

Bell Labs හි Robert Lucky පසුව ඒ ගැන කිව්වේ:

> “තාක්ෂණික චින්තනයේ ඉතිහාසයේ විශිෂ්ටතම කෘතියකි.”

## අද AI ඇතුළේත් ශැනන් ජීවත් වෙනවා

අද machine learning සහ AI ලෝකය තුළ ශැනන්ගේ සූත්‍රය හැම තැනම තියෙනවා.

* Cross-entropy loss — classifiers සහ language models train කරන function එක

* Decision tree information gain

* Perplexity — LLM models මැනීමට භාවිතා කරන metric එක

අද neural network එකක් train කරන හැම මොහොතකම Shannon entropy සූත්‍රය ඇතුළේ ක්‍රියා කරනවා.

ඒ කියන්නේ, අද AI ලෝකයේත් ශැනන් තවම ජීවත්වෙනවා.

## ඔහු පළමු AI learning machine එකත් හැදුවා

1950දී ශැනන් “Theseus” කියන mechanical mouse එකක් හැදුවා.

එය maze එකක් තුළ trial and error මගින් ගමන් කරමින් නිවැරදි මාර්ගය ඉගෙන ගත්තා.එක වරක් ඉගෙන ගත්ත පසු, ඊළඟ වතාවේ එය වැරදි නොකර නිවැරදි මාර්ගයෙන්ම ගියා.

Bell Labs හි Mazin Gilbert පසුව කිව්වේ:

> “Theseus තමයි AI ක්ෂේත්‍රයට ආරම්භක ආවේගය ලබා දුන්නේ.”

එම වසරේම ශැනන් computer එකකට chess ක්‍රීඩා කරන්න program කරන ආකාරය ගැන පළමු පත්‍රිකාවත් ලියුවා.1956 Dartmouth Workshop එක සංවිධානය කරන්නත් ඔහු දායක වුණා. අද AI කියන ක්ෂේත්‍රයේ උපත ලෙස සැලකෙන්නේ ඒ workshop එක.

## විද්‍යාඥයෙක් විතරක් නෙවෙයි, අමුතුම චරිතයක්

ශැනන් Bell Labs corridor වල unicycle එකක් පදවමින් juggling කරමින් යනවා දැකලා තියෙනවා.ඔහු flame-throwing trumpet එකක් හැදුවා.Rocket-powered Frisbee එකක් හැදුවා.

තමන්ගේ ගෙදර පිටුපස වැව මත ඇවිදින්න Styrofoam shoes පවා හැදුවා.ඔහු තමන්ගේ ගෙදරට නම දීලා තිබුණේ “Entropy House” කියලා.ඔහුගෙන් කවුරුහරි “ඔබට මේ හැමදේම කරන්න motivation එක ලැබුණේ කොහොමද?” කියලා ඇහුවාම, ඔහු කිව්වේ:

> “මාව මෙහෙයවූයේ කුතුහලය. කිසිදා මුදල් හෝ ලාභය ගැන නොවේ. දේවල් එකට බැඳෙන්නේ කොහොමද කියලා මට දැනගන්න හිතුණා.”

## අවසානයේත් ලෝකය ඔහුව අමතක කළේ නැහැ

2001දී ශැනන් මිය ගියා.ඔහු අවසන් වසර කිහිපය Alzheimer’s රෝගයත් සමඟ ගත කළා.තොරතුරු කියන දේ නිර්වචනය කළ මිනිසාගේ මතකය, තොරතුරු, අත්දැකීම් ටිකෙන් ටික මැකී යාම — ඒක ඉතා වේදනාකාරී irony එකක්.නමුත් අද අපි භාවිතා කරන computers, internet, smartphones, encryption, AI, language models — මේ හැමදේකම ඇතුළේ Claude Shannon තවම ජීවත්වෙනවා.

අද “Claude” කියන AI model එකට නම ලැබුණෙත් ඔහුගෙන්.

ඒ නිසා අපි අද ඩිජිටල් ලෝකය භාවිතා කරන හැම මොහොතකම, අපි නොදැනුවත්වම Claude Shannonගේ අදහස් මත ජීවත් වෙනවා.

උපුටා ගැනීම: Buwa Thoughts

Share This Article