සිය ජනප්‍රිය චරිත, නිර්මාණාත්මක ලෝක සහ දෘශ්‍ය ශෛලීන් භාවිත කර විශේෂ Generative AI Models සංවර්ධනය කිරීම සඳහා Adobe සමාගම සමඟ බහු-වාර්ෂික හවුල්කාරිත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. නොවැම්බර් 9 වැනිදා Adobe MAX සමුළුවේදී නිවේදනය කළ මෙම ගිවිසුම යටතේ Adobe Firefly Foundry තාක්ෂණය භාවිත කර Disney සමාගමේ බුද්ධිමය දේපළට ගැළපෙන, සමාගමටම හිමි AI Models නිර්මාණය කිරීමට නියමිතයි. මේවා Disney චිත්‍රපට නිෂ්පාදනය, Theme Parks සහ අනෙකුත් නිර්මාණාත්මක ව්‍යාපෘති සඳහා භාවිත කිරීමට සැලසුම් කර තිබෙනවා.
Disney Imagineering කණ්ඩායම දැනටමත් අතින් ඇඳි සරල රූප සම්පූර්ණ Digital Concept Art බවට පරිවර්තනය කරන AI Tools භාවිත කරන අතර, මීට පෙර මාස ගණනක් ගතවූ ඇතැම් නිර්මාණ සැලසුම් කටයුතු පැය කිහිපයකින් හෝ දින කිහිපයකින් සිදුකළ හැකි බව සමාගම පවසනවා. ඉදිරියේදී Disney Studios හි Visual Effects සහ Post-production කටයුතු සඳහාත්, ESPN හි ක්‍රීඩා අන්තර්ගත සංවර්ධනය සඳහාත් මෙම හවුල්කාරිත්වය පුළුල් කිරීමට නියමිතයි. කෙසේවෙතත්, මෙහි අරමුණ නිර්මාණකරුවන් වෙනුවට AI යොදාගැනීම නොව ඔවුන්ගේ වැඩ වේගවත් කිරීම බව Disney සඳහන් කරනවා.
Red Bunny
