මුද්‍රිත පොත් සහ විද්‍යුත් පොත් අතරින් ඔබ වඩාත්ම කැමති කුමන වර්ගයටද? විවිධ පුද්ගලයන් මේ පිළිබඳව දරණ මතයන් එකිනෙකාට වෙනස්. ඉතින් අද අපි කතා කරන්නේ මෙම වර්ග දෙකේ වෙනස ගැනයි.
භෞතික පොතක් මිතුරෙකුට කියවීම සඳහා ණයට ලබා දීම අපහසු දෙයක් නෙවෙයි. හැබැයි ඔබ විද්‍යුත් පොතක් මිතුරෙකුට කියවීම සඳහා ණයට ලබා දෙනවා නම් ඔබගේ Amazon හෝ eReader ගිණුමට ප්‍රවේශය වීමේ අවසරය මිතුරාට ලබා දීමට සිදු වෙනවා.
විද්‍යුත් පොත් කියවීම සඳහා පාඨකයාට අනිවාර්යයෙන්ම තාක්ෂණික දැනුමක් තිබිය යුතු වෙනවා. ඩිජිටල් උපාංගවලින් කියවීම සඳහා හැඩගැසීමට අපහසු බැවින් පුද්ගලයන් සම්ප්‍රදායික පොත් වලට වැඩි කැමැත්තක් දක්වනවා. මේ නිසා තාක්ෂණික දැනුමක් නැති පාඨකයන්ට වඩාත්ම ගැලපෙන්නේ මුද්‍රිත පොත් වේ. ඒ වගේම තමයි තාක්ෂණික දැනුමක් තිබුනත් සමහරු දවසෙන් වැඩි පැය ගණනක් ඩිජිටල් තිරය භාවිතා කරන්න කැමති නැහැ. එවැනි පුද්ගලයන්ද විද්‍යුත් පොත් වෙනුවට තෝරා ගන්නේ භෞතික මුද්‍රිත පොත්ය.
අන්තර්ජාලය හරහා පොත් කියවීමට විදුලි බලය සහ අන්තර්ජාල ප්‍රවේශය අත්‍යවශ්‍යයි. නමුත් මුද්‍රිත පොත් සඳහා මේ කිසිවක් අවශ්‍ය නැහැ. ඒ වගේම ඊ පොත් වෙත පිවිසීමට මුරපදය මතක තබා ගත යුතුයි. යමෙකුට මුරපදය අමතක වූවොත් ඔහු මිලදේ ගත් පොත් අහිමි වීමේ අවදානමක් පැන නඟිනවා.
Kindle හි පිටු අංක නොමැති වීම තවත් බාධාවකි. අන්තර්ජාලය හරහා පොත් කියවීම ප්‍රගුණ නොකළ අයෙකුට කලින් කියවූ තැන නැවත සොයා ගැනීම තරමක් අපහසු වෙනවා.
සාමාන්‍ය පොතක වැදගත් කොටස් යටින් ඉරි ඇඳීම, හයිලයිට් කිරීම වැනි දේ කල හැකි වුවත් විද්‍යුත් පොත් වල මෙය සිදු කල නොහැකියි. කඩදාසි පොත් භාවිතා කිරීමේදී ප්‍රවේශමෙන් පරිහරණය කිරීම, නඩත්තු කිරීම කල යුතුය. ඒවා පරණ වීම, ඉරී යාම, ගින්නට හෝ තෙතමනයට හසු වීම, පළිබෝධකයන්ට හසු වීම සමඟ විනාශ වීමේ අවදානමක් ඇත. නමුත් ඊ පොත් එලෙස පරණ වන්නේ නැත. පරිගණකය කැඩුනොත් නව පරිගණකයකින් ලොග් වී නැවත කියවිය හැකිය.
මුද්‍රිත පොත් විද්‍යුත් පොත් වලට වඩා ප්‍රමාණයෙන් විශාලයි. ඒවා එහා මෙහා ගෙන යාම අපහසු වන අතර වැඩි ගබඩා ඉඩක් අවශ්‍ය වේ. කඩදාසි පොත්වල අකුරු වලට සම්මත ප්‍රමාණයක් තිබෙනවා. ඒවා ස්ථාවර වන අතර කියවීමට අපහසු කෙනෙක්ට අකුරු වල ප්‍රමාණය විශාල කරන්න බැහැ. දෑස් වල ගැටළු ඇති අයට ඕනෑවට වඩා කුඩා අකුරු කියවීම නිසා අපහසුතාවයන් තවත් වර්ධනය වෙනවා. හැබැයි විද්‍යුත් පොත් වල ඇති අකුරු අවශ්‍ය පමණ විශාලනය කල හැකියි.
උපුටා ගැනීම : tech expert
