Elon Musk ගේ SpaceX ආයතනය AI වෙනුවෙන්ම චන්ද්‍රිකා මිලියනයක් අභ්‍යවකාශයට යවන්න සූදානම්

Mic
By Mic

Elon Musk ට අයත් SpaceX සමාගම, කෘත්‍රිම බුද්ධියේ (Artificial Intelligence – AI) දැවැන්ත පරිගණක බල අවශ්‍යතාවය සපුරාලීම සඳහා චන්ද්‍රිකා මිලියනයක් කක්ෂගත කිරීමට අයදුම් කර තිබෙනවා. ඔවුන් පවසන පරිදි, පොළොවේ පිහිටි data centres වලට වඩා අභ්‍යවකාශයේ පිහිටුවන “orbital data centres” වඩාත් ලාභදායී සහ බලශක්ති කාර්යක්ෂම විසඳුමක්.

SpaceX ආයතනය දැනටමත් Starlink ජාලය සඳහා චන්ද්‍රිකා 10,000ක් පමණ කක්ෂගත කර ඇති අතර, මෙම නව සැලැස්ම එම සංඛ්‍යාව අති විශාල ලෙස ඉහළ නැංවීමක්. මෙම චන්ද්‍රිකා සූර්ය බලයෙන් ක්‍රියාත්මක වනු ඇති බවයි පැවසෙන්නේ. Elon Musk පවසන්නේ අභ්‍යවකාශය ඉතා විශාල නිසා චන්ද්‍රිකා අතර තදබදයක් ඇති නොවන බවයි.

කෙසේ වෙතත්, Starlink ජාලය දැනටමත් අභ්‍යවකාශ තදබදයක් ඇති කරන බවටත්, එහි radio තරංග තාරකා විද්‍යාඥයින්ගේ පර්යේෂණවලට බාධා කරන බවටත් චෝදනා එල්ල වී තිබෙනවා. අභ්‍යවකාශ සුන්බුන් (space debris) සහ චන්ද්‍රිකා එකිනෙක ගැටීමේ අවදානම ගැනද විශේෂඥයින් අනතුරු අඟවා සිටිනවා.

උපුටා ගැනීම : Techie Instants

Share This Article