Fitbit ගිණුම් Google Account වෙත මාරු කිරීමට ලැබෙන කාලය Google විසින් දීර්ඝ කරයි

Mic
By Mic

Fitbit පාරිභෝගිකයින් තම Fitbit ගිණුම් Google Account එකක් වෙත මාරු කිරීම සඳහා ලබා දී තිබූ කාලය දීර්ඝ කිරීමට Google සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව, නව අවසන් දිනය ලෙස 2026 මැයි 19 වන දා ප්‍රකාශයට පත් කර තිබේ.

මෙම දිනයෙන් පසුව Fitbit සේවාවන් අඛණ්ඩව භාවිතා කිරීමට නම්, ඔබගේ Fitbit ගිණුම අනිවාර්යයෙන්ම Google Account එකක් වෙත මාරු කර තිබිය යුතුයි. Google සමාගම පවසන්නේ මෙම ක්‍රියාවලිය ඉතා ඉක්මන් වන අතර, කිසිදු data හානියක් සිදු නොවන බවයි.

නියමිත දිනට පෙර තම ගිණුම මාරු නොකරන පරිශීලකයින්ට 2026 මැයි 19 වනදායින් පසු Fitbit වෙත පිවිසීමට නොහැකි වනු ඇත. එමෙන්ම, ඔවුන්ගේ Fitbit data ස්ථිරවම මකා දැමීමට පෙර එය download කරගැනීම සඳහා 2026 ජූලි 15 වනදා දක්වා කාලය හිමිවනු ඇත.

උපුටා ගැනීම : Techie Instants

Share This Article