ඔන්න Google සමාගමෙන් Gaming ලෝකයට තවත් අලුත් වැඩක් හඳුන්වා දීලා තියෙනවා. ඒ තමයි පසුගිය ඔක්තෝබර් 7 වෙනිදා Google විසින් Playground නමින් අලුත් AI Gaming Platform එකක් නිල වශයෙන් හඳුන්වල දුන්නා.
ඉතින් මේකෙ තියෙන විශේෂත්වය තමයි Coding ගැන කිසිම දැනුමක් නැති කෙනෙකුට වුණත් තමන්ගේම Game එකක් නිර්මාණය කරගන්න පුළුවන් වීම.
හිතන්නකෝ ඔයාට පොඩි කාලේ ඉඳන්ම තමන්ගේම Racing Game එකක් හදන්න ආසාවක් තිබුණා කියලා. හැබැයි ඔයා Coding හරියට දන්නේ නෑ, Game Development Software use කරන්නත් දන්නේ නෑ. සාමාන්‍යයෙන් නම් ඒ වැඩේ කරන්න ඔය ටික ඉගෙන ගන්න ලොකු කාලයක් ඉගෙනගන්න වෙනවනේ.
හැබැයි දැන් Google එකෙන් අපිට කියන්නේ, ඔයාගේ හිතේ තියෙන Game එක මොන වගේද කියලා AI එකට විස්තර කරලා ඒක Play කරන්න පුළුවන් Game එකක් බවට පත් කරගන්න පුළුවන් කියලයි.
ඉතින් කොහොමද මේ Playground එකෙන් Game හදන්නේ…?
මේක වැඩ කරන්නේ අපි සාමාන්‍යයෙන් AI Chatbot එකක් එක්ක කතා කරන විදිහටමයි. ඔයාට හදන්න ඕන Game එක ගැන සාමාන්‍ය වචනවලින් විස්තර කරලා දෙන්න විතරයි තියෙන්නේ.
උදාහරණයක් විදිහට, “මට කඳු අතරින් Car එකක් Drive කරගෙන යන Racing Game එකක් හදන්න. පාරේ බාධක තියෙන්න ඕන, ඒවා මඟඇරලා Finish Line එකට යන්න ඕන” වගේ විස්තරයක් දෙන්න පුළුවන්.
ඊට පස්සේ Playground එකේ AI එක ඒ විස්තරයට අනුව Game එක නිර්මාණය කරන්න පටන් ගන්නවා. Racing Games විතරක් නෙවෙයි, Trivia, Tower Defense වගේ Game වර්ග හදන්නත්, තමන්ගේම අලුත් අදහසකින් Game එකක් පටන් ගන්නත් පුළුවන්.
ඒ වගේම මුලින් හදපු Game එකේ Rules, Characters, Background එක හෝ Objects හැසිරෙන විදිහ වෙනස් කරන්න ඕන නම් ඒකත් Chat එකෙන්ම කියලා කරගන්න පුළුවන්.
Game එක හදාගත්තට පස්සේ මොකද කරන්නේ…?![]()
මෙතන තවත් වැදගත් දෙයක් තමයි Game එක හදාගෙන ඒක Test කරන්න වෙනම Software එකක් Install කරන්න අවශ්‍ය නොවෙන එක. Playground එක Browser එක හරහම වැඩ කරන නිසා ඔයා හදපු Game එක එතනදිම Play කරලා බලන්න පුළුවන්. ඒ කියන්නේ Game එක හදන ගමන්ම ඒකේ අඩුපාඩු අදුරගෙන නැවත AI එකෙන් වෙනස්කම් කරගන්නත් පුළුවන්.
තවත් විශේෂ දෙයක් තමයි Game එකේ Visual Style එක හදාගන්න Reference Photos Upload කරන්නත් පුළුවන් වීම. එතකොට AI එක ඒ Photos වලට ගැලපෙන විදිහට Game එකේ Graphics නිර්මාණය කරන්න උදව් කරනවා.
මේ සඳහා දැනට PNG සහ JPG Images භාවිත කරන්න පුළුවන්. හැබැයි මේක සම්පූර්ණයෙන්ම පරිපූර්ණ Game එකක් එක Prompt එකකින් හදලා දෙන Technology එකක් කියලා හිතන්න එපා.
AI එක හදන Game එකේ අඩුපාඩු තිබුණොත් ඒවා නැවත වෙනස් කරගන්න වෙන්නත් පුළුවන්.
ඒ වගේම තමන් හදපු Game එක යාළුවන්ටත් Play කරන්න දෙන්න පුළුවන්….
ඔයා Game එකක් හදාගත්තට පස්සේ ඒක තමන්ට විතරක් පේන විදිහට Privateව තියාගන්න පුළුවන්. නැත්නම් Link එකක් හරහා යාළුවන්ට Share කරන්නත්, Playground Community එකේ ඉන්න අනිත් අයට Play කරන්න පුළුවන් විදිහට Publish කරන්නත් අවස්ථාව තියෙනවා. Public කරන්න කලින් Games, Google සමාගමේ Safety Screening එකකටත් ලක් වෙනවා.
ඒ විතරක් නෙවෙයි, සමහර Game වර්ගවල Multiplayer පහසුකමත් තියෙනවා. ඒ වගේම Leaderboards ලකුණු අනුව එ් හරහා හරහා තමන්ගේ ලකුණු අනිත් අය එක්ක Compare කරන්නත් පුළුවන්.
Google Play Games Profile එකත් මේකට සම්බන්ධ කරලා තියෙන නිසා, Community එකේ Games හොයාගන්නත් Creatorsලව Follow කරන්නත් පුළුවන්.
Google සහ Unity එකතුවෙලා ඉසසරහට ތවත් ලොකු වැඩකට සූදානම් වෙනවා…ඒ තමයි Google සමාගම ජනප්‍රිය Game Engine එකක් වන Unity සමඟ එකතු වෙලා වැඩ කිරීම.
මේ Partnership එක හරහා Unity Spark නමින් තවත් දියුණු Game Creation Technology එකක් හඳුන්වා දෙන්න සැලසුම් කරලා තියෙනවා. ඒකෙන් වඩාත් උසස් 3D Graphics, Professional-level Game Mechanics සහ සංකීර්ණ Games නිර්මාණය කරන්න අවස්ථාව ලැබෙන්න නියමිතයි.
හැබැයි Unity Spark තවම සාමාන්‍ය පරිශීලකයන්ට නිකුත් කරලා නැහැ. දැනට ඒක පරීක්ෂණ මට්ටමේ තියෙන්නේ. ඉදිරියේදී Closed Beta testers ලට හඳුන්වල දෙන්න සැලසුම් කරලා තියෙනවා.
ඒ නිසා Playground එකේ දැනට තියෙන පහසුකම් සහ Unity Spark හරහා ඉදිරියේදී ලැබෙන පහසුකම් එකම දෙයක් නෙවෙයි.
එතකොට අපිටත් දැන්ම මේක භාවිත කරන්න පුළුවන්ද….දැන්ම මේක භාවිත කරන්න පුළුවන්ද….?![]()
අවාසනාවකට දැනට Playground නිල වශයෙන් ලබාදීලා තියෙන්නේ ඇමරිකාවේ වයස අවුරුදු 18 හෝ ඊට වැඩි පරිශීලකයන්ට විතරයි.
ඒ හින්දා ලංකාවේ අපිට තවම සාමාන්‍ය විදිහට මේක භාවිත කරන්න නිල අවස්ථාව ලැබිලා නැහැ. ඇමරිකාවේ Free Usersලටත් Games Play කරන්න පුළුවන් වුණත්, තමන්ගේම Games Generate කරන පහසුකම ක්‍රමයෙන් ලබාදෙන්නේ.
Free Tier එකේ සතිපතා ලැබෙන Credits සීමිතයි. Google One AI Plan එකක් තියෙන අයට වැඩි Creation Limits සහ ඉක්මන් Access ලබාගන්න පුළුවන්.
කොහොම වුණත් මේක Gaming Industry එකේ අනාගතයට වැදගත් වෙන පියවරක්. මොකද මෙච්චර කාලයක් Game එකක් හදන්න Coding, Game Engines සහ තවත් Technical Skills ගොඩක් අවශ්‍ය වුණා.
දැන් ඒ වැඩේ සාමාන්‍ය වචනවලින් AI එකකට විස්තර කරලා පටන් ගන්න පුළුවන් තැනකට Technology එක දියුණු වෙමින් තියෙනවා.
හැබැයි මේකෙන් Professional Game Developersලාගේ හැකියාවන් සම්පූර්ණයෙන්ම ප්‍රතිස්ථාපනය වෙනවා කියන්න බෑ අපිට. ඒ වෙනුවට කලින් අවස්ථාවක් නොතිබුණු අලුත් පිරිසකටත් Game Development අත්හදා බලන්න දොරටුවක් විවෘත වෙනවා කියලා හිතන්න පුළුවන්.
ඉතින් හිතන්නකෝ, ඔයාට Coding ගැන කිසිම දැනුමක් නැතුව තමන්ගේම Game එකක් හදන්න අවස්ථාව ලැබුණොත්, මුලින්ම හදන්නේ මොන වගේ Game එකක්ද….?
TechKey Digital World
