Google සමාගම විසින් අද දිනයේදී ඔවුන්ගේ නවතම Gemini AI මොඩල් දෙකක් වන Gemini 3.8 Flash සහ Gemini 3.8 Flash Cyber නිල වශයෙන් එළිදක්වා තිබෙනවා..
පෙර පැවති මොඩල් වල වේගය සහ අඩු පිරිවැය එලෙසම රඳවා ගනිමින්, බුද්ධිමය හැකියාවන් සහ ආරක්ෂණ ක්ෂේත්‍රය තවදුරටත් ඉහළ නැංවීම මෙම නව නිකුතුවේ ප්‍රධානතම අරමුණයි..
මෙහි ප්‍රධානතම “Workhorse” මාදිලිය වන Gemini 3.8 Flash, මෙතෙක් නිකුත් වූ බුද්ධිමත්ම සහ කාර්යක්ෂමතම Flash මොඩල් එක ලෙසයි හැඳින්වෙන්නේ..
විශේෂයෙන්ම Coding, Agentic Workflows සහ සංකීර්ණ Multi-step Reasoning කටයුතු සඳහා විශාල වැඩිදියුණු කිරීම් රැසක් මෙයට එක් කර තිබෙනවා..
වඩාත්ම ආකර්ෂණීය කරුණ වන්නේ, 3.7 Flash හි පැවති එම අධිවේගී ක්‍රියාකාරිත්වය සහ අවම පිරිවැය ඒ ආකාරයෙන්ම පවත්වා ගනිමින් මෙම ඉහළ බුද්ධිමය හැකියාවන් ලබා දීමයි..
මීට සමගාමීව හඳුන්වා දුන් Gemini 3.8 Flash Cyber, ගූගල් සතු Most capable cybersecurity model එක විදිහට කරළියට පැමිණෙනවා.. සයිබර් තර්ජන හඳුනාගැනීම සහ ආරක්ෂණ පද්ධති ශක්තිමත් කිරීම වෙනුවෙන්ම නිර්මාණය කර ඇති මෙම මොඩල් එක, ගූගල් හි නවතම “Fairwind Program” එක හරහා සුදුසුකම් ලබන ආරක්ෂක විශේෂඥයින් වෙත භාවිතය සඳහා ලබාගැනීමට අයදුම් කිරීමේ අවස්ථාවද සලසා දී තිබෙනවා..
Dinith Maleesha
