Google නැවතත් කරලියට..!

Mic
By Mic

ඔන්න මේ වෙනකොට Google ලා නිල වශයෙන් Encoder Free ආපු අලුත්ම Gemma 4 12B කියන අලුත් AI Model එක එලියට දාල තියෙනවා. මේකත් තවත් සුපිරියක් මචං.

හැබැයි මේක අර presentation හදන AI එක නෙමේ හොඳේ..!

දවසින් දවස මචං මොනවා හරි අලුත් දෙයක් එලියට එනවා. මෙව්වා එක්ක කවදද ලංකාවේ අපිට හැප්පෙන්න පුළුවන් ද..?

ලංකාවෙන් ආවොත් එන්නේ, එක්කෝ system එකක් හැක් වෙලා සල්ලි මිසින් වෙලා කියලා, නැත්නම් තෙල් මිල වැඩි වෙලා. ඔව්වා තමා. 🤌🏻 බලගතු promt තමා try කරන්න වෙන්නෙ.

අපෝ මේක අලුත් දෙයක් නෙමේනේ කියන්න පුළුවන් කෙනෙක්ට. ඔව් මේ වගේම Meta ලගේ Llama series එක, Microsoft ලගේ Phi models, සහ Mistral වගේ Open models එක්ක තමයි මේකත්..!

හැබැයි “Encoder free” Multimodal කියන අලුත් Architecture එක නිසා මේක අනිත් ඒවට වඩා සෑහෙන්න ඉස්සරහින් ඉන්නවා සහ මේක Google ලගේ අලුත් එකක්..!

Gemma 4 12B කියන්නේ Google ලගේම Product එකක්. මුන්ගේ Main AI එක වෙන Gemini හදපු තාක්ෂණයම පාවිච්චි කරලා, හැබැයි ඕනෑම කෙනෙක්ට Download කරලා පාවිච්චි කරන්න පුළුවන් විදිහට (Open weights) හදපු අලුත්ම Model එක තමයි මේක.

මේකේ තියෙන ලොකුම වෙනස තමයි, සාමාන්‍යයෙන් අපි දකින Multimodal AI වල ඒ ඒ දේවල් වෙන වෙනම තේරුම් ගන්න වෙනම Encoders තියෙනවා. හැබැයි Gemma 4 වල ඒ මුකුත් නෑ! මේක සම්පූර්ණයෙන්ම Encoder free..

මේකේ තියෙන අලුත්ම Features කිව්වොත්

✅ 16GB RAM එකක් තියෙන ලැප්ටොප් එකක වුණත් Run කරන්න පුළුවන්!

✅ Big Vision Encoder එක අයින් කරලා, small Lightweight embedding module එකක් දාලා තියෙනවා. ඒකෙන් කෙලින්ම photos LLM Backbone එකටම යවනවා.

✅ Audio Encoder එකත් සම්පූර්ණයෙන්ම අයින් කරලා, Raw audio signal එක කෙලින්ම Text tokens තියෙන Dimensional space එකටම root කරනවා!

ඒ කියන්නේ එකම System එකකින් Text, Images ඔක්කොම එකපාර Process කරනවා. මේක නිසා AI එකේ Speed එකයි, Efficiency එකයි පට්ට විදිහට වැඩි වෙනවා.

මේකේ තියෙන තවත් හොඳක් තමයි, Enterprise සීමාවන් නෑ කෙලින්ම Local Run කරන්න පුළුවන්..!

අපි ඊයේ පෙරේදා දැක්කනේ සමහර අලුත් Corporate AI agents ටෙස්ට් කරලා බලන්න නම් අනිවාර්යයෙන්ම Frontier enrollment, Intune policy configuration සහ GitHub Copilot license එකක් තියෙන්නම ඕනෙනේ…!

හැබැයි Google ලාගේ මේ Gemma 4 එකට එහෙම කිසිම සීමාවක් නෑ. මේක Apache 2.0 license එක යටතේ Release කරලා තියෙන නිසා Developers ලට උපරිම නිදහසක් තියෙනවා කෙලින්ම තමන්ගේ Local Machine එකේ හරි Edge devices වල හරි බාගෙන ලේසියෙන්ම Run කරගන්න පුළුවන්..!

ඒ වගේම Latency එක තවත් අඩු කරන්න මේකේ Multi Token Prediction (MTP) drafters පවා ඇතුළත් කරලා තියෙනවා..!

එන්න එන්න වැඩ ලේසි වෙනවා වගේම මොට්ට වෙන එකත් ඉක්මනින්ම වෙයි. 🤌🏻 උබලා මම කියලා වෙනසක් නෑ. ඇත්ත මේක..!

Security පැත්තෙන් බැලුවොත් පොඩි රිස්ක් එකකුත් තියෙනවා. Multimodal Capabilities ගොඩක් වැඩි නිසා, හැකර්ලට ලේසියෙන්ම Phishing Campaigns, Social Engineering attacks සහ Deepfake related දේවල් වලට මේක Fine tune කරගන්න පුළුවන්..

හැබැයි අනිත් පැත්තෙන් Blue Teams වලටත් පුළුවන් Malware Analysis සහ Threat Intelligence වැඩ වලට මේක Local run කරලා Data Privacy එකත් තියාගෙනම ප්‍රයෝජනයක් ගන්න..!

මෙහෙම යනකොට ඉතින් දැන් Cloud වලට සල්ලි ගෙව ගෙව ඉන්න ඕනේත් නෑ නේද මචං?

Safe Online 🤍!

උපුටා ගැනීම : Dilsara Sandun

Share This Article