Android Auto තුළ Google Maps භාවිත කරන users සඳහා Speedometer feature එක rollout කිරීම ආරම්භ කර තිබෙනවා. මේ feature එක හරහා navigation screen එකේම වාහනය ගමන් කරන වත්මන් වේගය දැකගන්න පුළුවන්.
මෙම පහසුකම විශේෂයෙන් drive කරන අතරතුර speed එක ඉක්මනින් check කරගැනීමට උපකාරී වෙනවා. නමුත් Google සමාගම සඳහන් කරන ආකාරයට, මෙය vehicle එකේ official speedometer එකට replacement එකක් නොවන අතර ප්‍රධාන speed reading එක ලෙස vehicle meter එකම භාවිත කළ යුතුයි.
දැනට මෙම feature එක සියලු users ලට එකවර ලබාදී නොමැති අතර, gradual rollout එකක් ලෙස ලබාදෙමින් පවතිනවා. ඒ නිසා Android Auto සහ Google Maps app එක latest version එකට update කරලා තබාගැනීම වැදගත්.
උපුටා ගැනීම : Lakshan Weerasingha
