Google සමාගම ඔවුන්ගේ ජනප්‍රිය AI image generator එකෙහි නවතම සංස්කරණය වන Nano Banana 2 හඳුන්වා දී ඇත. මෙහි speed එක, text renderings සහ ලබාදෙන උපදෙස් නිවැරදිව ක්‍රියාත්මක කිරීමේ හැකියාව වැඩිදියුණු කර තිබේ.
පෙර පැවති Nano Banana Pro සංස්කරණය high-fidelity කාර්යයන් සඳහා තවදුරටත් භාවිත කළ හැකි අතර, නව Nano Banana 2 මගින් Gemini හරහා real-time තොරතුරු භාවිතයෙන් වේගවත් සේවාවක් ලබා දෙයි. දැනට ලොව පුරා OpenAI හි Sora සහ Adobe හි Firefly වැනි AI tools වල ජනප්‍රියත්වය ඉහළ යමින් පවතී. නමුත් මෙම වර්ධනයත් සමඟ copyright ගැටළු මතුවෙමින් පවතින බවට ද නිර්මාණාත්මක සමාගම් චෝදනා කරයි.
උපුටා ගැනීම : Techie Instants
