Google සමාගම Pixel දුරකථන සහ Tablet සඳහා නව desktop mode පහසුකම හඳුන්වා දෙයි

Mic
By Mic

Google සමාගම ඔවුන්ගේ March Pixel drop යාවත්කාලීන කිරීම හරහා Pixel දුරකථන සහ Tablet සඳහා නව desktop mode එකක් හඳුන්වා දී ඇත.

මෙම නව විශේෂාංගය හරහා Pixel 8 සහ ඊට නව මාදිලිවල දුරකථන USB-C මාර්ගයෙන් බාහිර monitor එකකට සම්බන්ධ කර desktop multi-window අත්දැකීමක් ලබා ගත හැක. එමෙන්ම මෙහිදී keyboard සහ mouse භාවිතා කිරීමටද පරිශීලකයින්ට හැකියාව ලැබේ. මීට අමතරව Pixel Tablet සඳහා ද overlapping windows පහසුකම මේ යටතේ හිමිවේ.

පසුගිය වසරේ සිට මෙම විශේෂාංගය අත්හදා බලමින් සිටි Google සමාගම Samsung හි DeX පහසුකම මත පදනම්ව මෙය තවදුරටත් සංවර්ධනය කර තිබේ.

උපුටා ගැනීම : Techie Instants

Share This Article