Google තමන්ගේම cloud customers ලාට “නෑ” කියන්න වෙච්ච තරමටම AI compute demand එක වැඩිවෙලා තියෙනවා කිව්වොත් ඔයා විශ්වාස කරනවද?
ඇත්තටම එහෙමයි. ඒකට Google දැන් හදාගෙන එන solution එක ගැනයි මේ,
සති කීපයකට කලින් report එකක් leak වුනා Google, එහෙමත් නැත්නම් Alphabet, secretly develop කරමින් ඉන්න අලුත් chip design එකක් ගැන – code name එක “Frozen v2”. මේකේ special කම මොකක්ද කියලා කියනාවනම්, සාමාන්‍ය server chip එකක් වගේ නෙවෙයි මේක. Google engineers ගේ idea එක තමයි, Gemini AI model එකේ core parts silicon එකටම permanent විදිහට embed කරලා, model එකම chip එකේ hardware level එකේ “freeze” කරලා දාන එක ඒ කියන්නේ chipe එක ඇතුලෙම ai එක තියේ කියන එක.
ඒකෙන් වෙන්නේ chip එකම එක model එකකට optimize වෙලා, පරණ TPUs වලට වඩා 6-10ත් අතර ගුණයක් power efficient වෙන්න පුළුවන් කියලා Google engineers estimate කරලා තියෙනවා. ඒ කියන්නේ එකම power amount එකකින් processing කරන්න පුළුවන් AI tokens ගාණ ඉහළ යනවා. Google ගේ current 7th-gen Ironwood TPU එකට වඩා මේක next-level jump එකක්.
හැබැයි catch එකකුත් තියෙනවා. මේ chip එක future Gemini models වලට වැඩ කරන්නේ Google core architecture එකම maintain කළොත් විතරයි. ඒ කියන්නේ flexibility ටිකක් sacrifice කරලා efficiency ගන්නවා. Model design එක වෙනස් වුනොත් chip එකත් useless වෙන්න පුළුවන්.
මොකද මේක මෙච්චර talk of the town වෙන්නේ? Google දැනට serious compute crunch එකක් face කරනවා. Enterprise customers ලාට cloud deals reject කරන්න වෙලා තියෙනවා, ඒ වගේම SpaceX ගෙන් month එකට billion ගානක් ගෙවලා extra data center capacity lease කරගන්නත් වෙලා තියෙනවා. ඒ නිසා Frozen v2 කියන්නේ short-term fix එකක් නෙවෙයි, 2028 විතර කාලෙට තමයි deployment plan කරලා තියෙන්නේ. ඒත් market එකට මේක long-term strategy signal එකක් විදිහට feel වුනා.
Market reaction එකත් instant. මේ report එක එළියට ආපු ගමන්ම Alphabet (GOOGL) shares 3% ක් විතර ඉහළ ගියා. Timing එකත් වැදගත් – මේක එළියට ආවේ Alphabet ගේ Q2 earnings report එකට හරියටම කලින් දවසේ. Wall Street දැන් බලාගෙන ඉන්නේ මේ ලක්ෂ ගණන් dollars වියදම් කරන AI infrastructure investment ටික, actual cloud revenue growth එකක් බවට පත් වෙනවද කියලා.
ලොකු picture එකක් බැලුවොත්, AI race එකේදී companies අද compete කරන්නේ software layer එකෙන් විතරක් නෙවෙයි, hardware layer එකෙන්ම. Google, Amazon, Microsoft, Meta ඔක්කොම දැන් custom chips හදනවා Nvidia මත dependency අඩු කරගන්න. Frozen v2 කියන්නේ ඒ race එකේ Google ගේ ඊළඟ move එක.
ඔයාට හිතෙනවද, මේ hardware-level integration එක future AI models වල game-changer එකක් වෙයි කියලා? නැත්නම් 2028 වෙනකොට වෙනත් approach එකක් ජනප්‍රිය වෙයිද? Comments වල ඔයාගේ thoughts share කරන්න.
උපුටා ගැනීම : Ishara Weerasuri
