GPT-Live

Mic
By Mic

OpenAI සමාගම විසින් වඩාත් ස්වාභාවික මිනිස්-AI අන්තර්ක්‍රියා සඳහා නිර්මාණය කරන ලද නවතම පරම්පරාවේ Voice model එක වන “GPT-Live” අද සිට ChatGPT වෙත නිකුත් කිරීම ආරම්භ කර තිබෙනවා. මෙය ඔවුන් විසින් මෙතෙක් හඳුන්වා දුන් බුද්ධිමත්ම සහ දියුණුම Voice model එක…

මෙයට එකම අවස්ථාවකදී සවන්දීමට සහ කතා කිරීමට හැකියාව පවතිනවා (Listen and speak at the same time) (Full-Duplex Architecture). මේ නිසා වඩාත් ස්වාභාවික ලෙස අදහස් හුවමාරු කර ගැනීමට, කාලය මැනවින් කළමනාකරණය කිරීමට මෙන්ම Live translation කටයුතු සිදු කිරීමටද මෙයට පුළුවන්..

පෙර පැවති Voice model වලට වඩා පැහැදිලි සහ ස්වාභාවික පෞරුෂයකින් යුක්ත නිසා මෙයා සමඟ කතා කිරීම වඩාත් ප්‍රියජනක අත්දැකීමක් වනු ඇත..

Web search, Deeper reasoning හෝ වඩාත් සංකීර්ණ කාර්යයන් අවශ්‍ය වන ප්‍රශ්නවලදී, GPT-Live හට පසුබිමින් ක්‍රියාත්මක වන ඔවුන්ගේ නවතම Frontier model එක වෙත කාර්යයන් පවරා, ඒවා සූදානම් වූ පසු නැවත සංවාදයට රැගෙන ආ හැක..

මෙම නව මාදිලිය අද සිට ඉදිරි දින කිහිපය තුළ iOS, Android සහ Web යන සියලුම ChatGPT සංස්කරණ හරහා සැමටම විවෘත වන අතර, ළඟදීම API සඳහාද ලබා දීමට නියමිතයි. ChatGPT හි ඇති ‘Voice’ බොත්තම ක්ලික් කිරීමෙන් ඔබටත් GPT-Live හි ඇති මෙම අපූරු වෙනස අත්විඳිය හැකියි..

උපුටා ගැනීම : Dinith Maleesha

Share This Article