Hayleys Lifesciences නවතම Dornier Medilas H140 තාක්ෂණය මෙරටට හඳුන්වා දෙයි

Share

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අධිතාක්ෂණික විද්‍යාගාර විශ්ලේෂණ උපකරණ, ශල්‍ය හා විකිරණ උපකරණ සැපයුම්කරුවෙකු වන Hayleys Lifesciences මුත්‍රා ගල් ප්‍රතිකාර සඳහා වන ප්‍රවේශය වැඩිදියුණු කිරීමේ අරමුණින් නවීනතම Dornier Medilas H140 තාක්ෂණය මෙරටට හඳුන්වාදෙන ලදී. මෙම තාක්ෂණය මඟින් වකුගඩු රෝගීන්ගේ ඉහළ ව්‍යාප්තියක් මෙන්ම උසස් ප්‍රතිකාර පහසුකම් හිඟයක් පවතින වර්තමාන තත්ත්වය වෙනුවෙන් විසඳුම් සැපයීම අරමුණු කරගනු ලබයි.

Dornier MedTech විසින් නිපදවන ලද Medilas H140 නවීනතම Holmium: YAG ලේසර් කිරණයක් වන අතර එමඟින් මෙරට මුත්‍රා ගල් ප්‍රතිකාර සඳහා නව ප්‍රමිතියක් නිර්මාණය කරමින් වකුගඩු රෝගීන්ට නිවැරදි හා ආරක්ෂිත ප්‍රතිකර්මයක් ලෙස ක්‍රියාත්මක වේ. වර්තමානයේ වෙළෙඳපොළේ ඇති ඉහළ බලැති Holmium:YAG නම් ලේසර් වලින් එකක් මෙම යන්ත්‍රය තුළ අන්තර්ගත වන අතර එසේම තනි උපාංගයක් ලෙස ලේසර් හා මොර්සෙල්ලේටරයක (Morcellator) හැකියාවන් එකාබද්ධ කරමින් වඩාත් ආරක්ෂිත හා වේගවත් අයුරින් මුත්‍රා ගල් ඛණ්ඩනය කරනු ලබයි.

Dornier Medilas H140 ලේසර් යන්ත්‍රය මේ වනවිට අනුරාධපුර ශික්ෂණ රෝහල හා කළුතර ශික්ෂණ රෝහලේ ක්‍රියාත්මක වේ.

Hayleys Lifesciences නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ අතුල විජයානන්ද මහතා මේ පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය. “අපගේ මෙහෙවර වන්නේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ විශිෂ්ටත්වය ඉහළ නැංවීමයි. Medilas H140 මඟින් මෙරට දැඩි අවශ්‍යතාවයක් වන මුත්‍රා ගල් ප්‍රතිකාර ලබාගැනීමේ අරමුණින් සිටින රෝගීන්ගේ බලාපොරොත්තු ඉහළ නංවනු ඇත. තාක්ෂණය භාවිතා කිරීම මඟින් සම්ප්‍රදායික ක්‍රමයන්ට වඩා නිවැරදි, ආරක්ෂිත මෙන්ම ආක්‍රමණශීලී කම්පන තරංග චිකිත්සාව හරහා ප්‍රතිකාර කිරීම මෙහි අරමුණයි.”

අතීතයේ දී කම්පන තරංග චිකිත්සාව බාහිරව පාලනය කරන ලද අතර එහි කාර්යක්ෂමතාවය කම්පන තරංගයේ බලය මත රඳා පැවතිණි. නමුත් මෙම Medilas H140 ලේසර් ප්‍රතිකර්මය මඟින් පශ්චාත් ශල්‍ය සංකූලතා ඇතිවීමේ හැකියාව හා අවධානම  සැළකිය යුතු ලෙස අවම මට්ටමක පවත්වනු ලබයි.

මෙම ප්‍රතිකාරය තුළ, විශේෂයෙන්ම PNCL (Percutaneous Nephro Lithotripsy) ලේසර් ප්‍රතිකාරය  අන්තර්ගත වන අතර, එය මුත්‍රා ගල් ප්‍රතිකාරවල සැළකිය යුතු ඉදිරි පියවරක් සනිටුහන් කරනු ලබයි. මෙම අවම ආක්‍රමණශීලී ක්‍රියාපටිපාටිය තුළ මිලිමීටර් 2 සිට 4 දක්වා කැපුමක් අන්තර්ගත වන අතර නෙප්රෝස්කොප් (nephroscope) එකකට මුත්‍රා ගල ප්‍රවේශවීමට සහ නිරීක්ෂණය කිරීමට ඉඩ සළසනු ලබයි. මුත්‍රා ගල වඩාත් කාර්යක්ෂමව හා ආරක්ෂිතව ඉවත්කිරීමට උසස් තාක්ෂණික භාවිතයෙන් යුත් ලේසර් කිරණ යොදාගැනීම මෙහිදි සිදුවේ.

Dornier MedTech හි තාක්ෂණ භාවිතය මුත්‍රා ගල් ආශ්‍රිත ප්‍රතිකාර සඳහා ප්‍රසිද්ධියක් උසුලනු ලබයි. Medilas H140 මඟින් බල නම්‍යශීලී බව (Power flexibility), සියලුම 1 phase බල සැපයුම් සමඟ ගැළපීම (1-phase power supplies) කාර්යක්ෂම වාරි තරල කළමනාකරණ (efficient irrigation fluid management) සහ විවිධ රෝගීන් සඳහා උසස් තත්ත්වයේ ලේසර් තන්තු සහතික කරන පුළුල් තන්තු කළඹක් (comprehensive fibre portfolio that ensures high-quality laser fibres) ඇතුළු බොහොමයක් වාසි ලබාදෙනු ලබයි. එහි ප්‍රතිකාර ක්‍රම අතර පහසුවෙන් හුවමාරුවීම සඳහා එහිදි  ත්‍රි – පෙඩල් සැලසුමක් සහිත ස්මාර්ට් ෆුට් ස්විචයක් ද අන්තර්ගත වේ. මෙමඟින් මුත්‍රා ගල් ප්‍රතිකාර සඳහා යොමුවන රෝගීන් වෙත වඩාත් කාර්යක්ෂම හා ආරක්ෂිත පහසුකම් වර්ධනය කරනු ලබයි.

Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top