Huawei, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ (SLSEA) සහ සූර්ය බලශක්ති   කර්මාන්ත සංගමයේ (SIA) සහයෝගීතාවයෙන් ශ්‍රී ලංකාවේ හරිත බලශක්තිය ප්‍රවර්ධනයට පියවර ගනියි

Share

Huawei සමාගම ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය (SLSEA) සහ සූර්ය බලශක්ති   කර්මාන්ත සංගමය (SIA) සමඟ එක්ව ‘Unleashing the Potential of a Sustainable Energy Future’ නමින් සම්මන්ත්‍රණයක් පසුගියදා සංවිධානය කර තිබුණි. ශ්‍රී ලංකාවේ තිරසාර බලශක්ති ව්‍යාප්තිය සඳහා දරන ලද ප්‍රයත්නයක් ලෙස පවත්වන ලද මෙම සම්මන්ත්‍රණය සඳහා ප්‍රමුඛ පෙළේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයන් නියෝජන කරමින්  ආරාධිතයින් 300කට අධික සංඛ්‍යාවක් සහභාගි විය. මෙහිදී බලශක්ති ක්ෂේත්‍රයේ විකාශනය සම්බන්ධව තීරණාත්මක මාතෘකා රැසක්  සාකච්ඡා කළ අතර මෙම අවස්ථාව  ක්ෂේත්‍රය පිළිබඳව  ගැඹුරු අවබෝධයක් බෙදා ගැනීමට උපයෝගි වූ  ගතික වේදිකාවක් විය.

ව්‍යාපාර, කර්මාන්ත සහ රාජ්‍ය කර්මාන්ත පිළිබඳ අදහස් සහයෝගීතාවයෙන් හුවමාරු කර ගැනීම සඳහා වේදිකාවක් නිර්මාණය කිරීම සහ 2030 හරිත බලශක්ති දැක්ම සපුරාලීම සඳහා ශ්‍රී ලංකාව වෙත දායකත්වය දැක්වීම මෙම සම්මන්ත්‍රණයේ මූලික පරමාර්ථය විය.

ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති ඉංජිනේරු රංජිත් සේපාල විසින් 2024 වසරේ පුනර්ජනනීය බලශක්ති භූ දර්ශනයේ අභියෝග සහ අවස්ථා පිළිබඳ ආරම්භක ප්‍රධාන දේශනය පවත්වන ලදී.එහිදී 2030 වසර වන විට රටේ බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක්  පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් තුළින් ලබාගැනීම පිළිබඳව රජයේ ඉලක්කයන් සපුරාලීම සඳහා ඇති බාධක ජය ගැනීම වෙනුවෙන්  ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සතු අධිෂ්ඨානය ඔහු අවධාරණය කළේය.

2030 වසර වන විට 70%ක පුනර්ජනනීය බලශක්ති ඉලක්කය සපුරා ගැනීමට හැකි වුවහොත්, පුනර්ජනනීය බලශක්තිය උත්පාදනය සඳහා ඩොලර් බිලියන 8ක් මෙන්ම සම්ප්‍රේෂණ කටයුතු සඳහා ඩොලර් බිලියන 3ක් ආයෝජනය කිරීමට අවශ්‍ය බව ද ඔහු පැහැදිලි කළේය. මෙහිදී වැඩිදුර අදහස් දක්වමින් හෙතෙම මෙසේ සඳහන් කළේය. “Huawei යනු ශ්‍රී ලංකාවේ තිරසාර බලශක්ති ක්ෂේත්‍රය වෙනුවෙන් වැදගත් මෙහෙවරක් ඉටුකරන සමාගමක්. එබැවින් මෙම අපූරු අවස්ථාව සංවිධානය කිරීම වෙනුවෙන් මම Huawei සහ අනෙකුත් සහයෝගී සංවිධානවලට මගේ ප්‍රණාමය පුදකර සිටිනවා.  ගල් අඟුරු පදනම් කරගනිමින් බලගැන්වෙන මෙරට බලශක්ති ප්‍රභවයන් තවත් වසර දහයකින් පමණ පුනර්ජනනීය බලශක්තිය මත පදනම් වෙමින් සවිබලගැන්වෙනු ඇතැයි මම බලාපොරොත්තුවෙනවා. එමෙන්ම ආයෝජකයින්ට සහ සංවර්ධකයින්ට ද මෙම ව්‍යාපෘතිය වෙත සහභාගිවීමට විශාල  අවස්ථාවන් තිබෙන නිසා ඔවුන්ටද ඒ වෙනුවෙන්  සූදානම් වීමට දැන් කාලය පැමිණ තිබෙනවා . ”

මෙම අවස්ථාව සමඟ එක්ව සිටි මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අසංක රොද්‍රිගෝ මහතා ද මෙහිදී සිය අදහස්වලින් සම්මන්ත්‍රණය ආලෝකමත් කළ අතර පුනර්ජනනීය බලශක්තියේ අනාගත ගමන් පථය පිළිබඳ සාකච්ඡා  කරමින්, ස්මාර්ට් ජාලකවල (smart grids)  නොවැළැක්විය හැකි බව සහ ‘prosumer’ බවට පරිණාමය වීම කෙරෙහි පාරිභෝගිකයාගේ භූමිකාව පිළිබඳව  ඔහු විග්‍රහ කළේය.

තවද, නියාමන ප්‍රමිතිවල සිට ක්ෂුද්‍ර ග්‍රිඩ් (microgrid) අනුවර්තනය සහ සූර්ය ක්ෂේත්‍රයේ හොඳම භාවිතයන් දක්වා කර්මාන්තයේ විවිධ ප්‍රධාන අංශ පිළිබඳව  සාමූහිකව අවධානය යොමු කරමින්  ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉංජිනේරු හසිත කරුණාරත්න, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ජේ.එම්. අතුල, සූර්ය බලශක්ති   කර්මාන්ත සංගමයේ (SIA) සභාපති ඉංජිනේරු අසංක තෙන්නකෝන්, ව්‍යාපෘති සම්බන්ධීකරණ නිලධාරී පද්මදේව සමරනායක, සහ විශ්වවිද්‍යාල ඉංජිනේරු අංශයේ මහාචාර්ය ලිදුල විදානගම ආරච්චිගේ වැනි සම්භාවනීය කථිකයෝ රැසක් මෙහිදී සිය අදහස් එකතු කළහ.

ශ්‍රී ලංකාව හරිත සහ  වඩා තිරසාර අනාගතයක් කරා මෙහෙයවීම සඳහා තාක්‍ෂණයේ, නියාමනයේ සහ සහයෝගීතා ප්‍රයත්නයන් දැරීමේ අවශ්‍යතාවය  මැනවින් අවධාරණය කළ මෙම සම්මන්ත්‍රණය සාමූහිකත්වය පිළිබඳ ප්‍රබල හඬක් ජනිත කරමින් සාර්ථකව  අවසන් විය.

Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top