Huawei සිය හවුල්කරුවන් සමඟ එක්ව IDC Asia/Pacific FEA Awards හිදී සම්මාන 3ක් හිමි කර ගනියි

Mic
By Mic

Huawei සමාගම, Shandong Port Group Yantai Port සහ Shenzhen Big Data Resource Management Center සමඟ එක්ව 2025 IDC Asia/Pacific Technology Symposium & Awards හිදී සම්මානයෙන් පිදුම් ලැබීමට පසුගියදා සමත් විය. එහිදී ඔවුන් Asia Pacific Excellence Future Enterprise සම්මාන 2ක් දිනා ගන්නා ලදී. මෙම වසරේ කලාපීය ජයග්‍රාහකයින් AI, දත්ත සහ තිරසාර ව්‍යාපාරික වටිනාකම් සහ සමාජීය බලපෑම් ඉහළ නංවමින් ඩිජිටල් විශිෂ්ටත්වයේ අනාගතය තහවුරු කරනු ඇතැයි IDC විශ්වාසය පල කර සිටියි.

එසේම Yantai Port හි Smart Eco-port Digital Transformation ව්‍යාපෘතිය සඳහා  “Special Award for Smart Cities-Best in Connected City”, විශිෂ්ටතා සම්මානය හිමිවීමද විශේෂත්වයකි.

Huawei සහ Shandong හි Yantai Port එක්ව නිර්මාණය කරන ලද ඩිජිටල් කළමනාකරණ හා පාලන වේදිකාව මෙහිදී ඉතා වැදගත් වේ. ව්‍යාපාර පද්ධති 17ක්, මූලික දර්ශක 280ක් සහ ලියාපදිංචි දත්ත වත්කම් 166ක් ඒකාබද්ධ කරන එය mid-end පද්ධතියක් ස්ථාපිත කරනු ලබයි. මෙම ව්‍යාපෘතිය ව්‍යවසාය සඳහා වන පුලුල් දත්ත වත්කම් කළමනාකරණය. මෙහෙයුම් දත්ත ප්‍රදර්ශනය, පිරිපහදු කළ කළමනාකරණ භාවිතයන් සහ නිවැරදි තීරණ සඳහා විශේෂයෙන් වැදගත් වේ. ආරම්භ කළ දිනයේ සිට අද වන විට ව්‍යවසාය සංවර්ධනය වෙනුවෙන් මෙහෙයුම් කාර්යක්ෂමතාවයේ 15%ක වර්ධනයක්, බලශක්ති පරිභෝජනයේ 8%ක අඩු වීමක්, නඩත්තු පිරිවැයේ 15%ක අඩුවීමක් මෙන්ම උපකරණ අසාර්ථක වීමේ අනුපාතය 40%ක අඩුවීමක් ලබා දීමට ඊට හැකි වී ඇත.

මෙහිදී, “Special Award for Smart Cities – Best in Digital Policies’’ සඳහා වන විශිෂ්ටතා සම්මාන දිනා ගැනීමට Shenzhen Big Data Resource Management Center City Data Center Project සමත් විය.

එම ව්‍යාපෘතිය සම්පූර්ණ නගරය සඳහා 1 cloud + 1 network + 1 base යන ඩිජිටල් පදනමක් නිර්මාණය කිරීම තුලින් බලශක්ති කාර්යක්ෂමතාව 1.6 සිට 1.3 දක්වා අඩු කරමින් වාර්ෂිකව 20%කට වැඩි විදුලි ඉතිරියක් ලබා දීමට සමත්ව ඇත. මෙහිදී Huawei CloudOps භාවිත කරමින් මූලික ව්‍යාපාරික පද්ධති 1,100කට වැඩි ප්‍රමාණයක් Meilin Data Center හි සිට Bantian City Big Data Center දක්වා පහසුවෙන් ගෙන යාමට සමත්ව ඇත්තේ “zero migration failures and zero data loss” ආරක්ෂණ ප්‍රමිතිය සපුරාලමිනි. MindOps වේදිකාව තුලින් මනා තාක්ෂණයෙන් යුත් පරිගණක සහ පොදු කාර්ය පරිගණක උපාංග 8,000කට වැඩි ප්‍රමාණයක් මධ්‍යගතව කළමනාකරණය කර ඇති එය ඒකාබද්ධ ඩිජිටල් දර්ශන මෙහෙයුම් සහ නඩත්තු මනාව පවත්වාගෙන යාමට හැකියාව ලබා දෙයි. ඒ තුලින් මෙයෙුම් කාර්යක්ෂමතාව 20%කට වඩා ඉහළ නැංවීමට හැකි වී තිබේ.

මෙම සම්මාන උළෙලේදී China Mobile International Limited හි Hong Kong Fotan Data Center ව්‍යාපෘතිය, හොංකොං හි  “Best in Sustainability” විශිෂ්ටතා සම්මානය දිනා ගන්නා ලදී.

හොංකොංහි විශාලතම අනාගත ඩිජිටල් යටිතල පහසුකම් ගොඩනැගීම අරමුණු කරගත් ව්‍යාපෘතියක් ලෙස China Mobile International හි Hong Kong FoTan Data Center ව්‍යාපෘතිය සඳහන් කළ හැකිය. Huawei හි BestDC ඩිජිටල් පහසුකම භාවිත කරනු ලබන එය LOD500 වැනි ඉහළ මට්ටමේ Building Information Modeling (BIM) සඳහා ආකෘති නිර්මාණය කිරීමේ හැකියාව ලබා දෙයි. තවද රාමු 10,000කට අධික සංඛ්‍යාවක් සඳහා සේවා දායක ධාරිතාවක් සපයන දත්ත මධ්‍යස්ථානය ඒ සඳහා මොඩියුලර් UPS පද්ධතියක්  යොදාගෙන ඇත. මනා බලශක්ති හා සිසිලන කළමනාකරණ මධ්‍යස්ථානයක් මඟින් 1.3ට අඩු PUE වාර්ෂික කර්මාන්ත ප්‍රමුඛතාව ලබා ගැනීමට සමත්ව ඇති ඒ තුලින් කාබන්ඩයොක්සයිඩ් විමෝචනය 30%කට වඩා අඩු කිරීමට බලාපොරොත්තු වේ. ශක්තිමත් පරිගණක හැකියාවක් ලබා දෙන මෙම ව්‍යාපෘතිය හොංකොංහි හරිත තාක්ෂණ සංවර්ධනයේ නව මානයන් විවර කිරීමටද සමත්ව සිටියි.

උපුටා ගැනීම : අද දෙරණ

Share This Article