Huawei Cloud සහ Orel IT එක්ව Orel Cloud මත Enadoc හඳුන්වාදෙයි

Share

Huawei Cloud සහ Orel IT සහයෝගීතාවයෙන් නවීනතම ලේඛන කළමනාකරණ විසඳුමක් වන Enadoc, Orel Cloud මත නිල වශයෙන් එළිදක්වන ලදී. මෙය Orel Cloud පාරිභෝගිකයින් වෙත බාධාවකින් තොරව ප්‍රවේශ විය හැකි සීමා රහිත මෘදුකාංග සේවා වේදිකාවක් (SaaS) හඳුන්වාදීමේ වැදගත් පියවරකි. තාක්ෂණය පිළිබඳ උනන්දුවක් දක්වන පුද්ගලයන් සහ පෞද්ගලික සහ රාජ්‍ය අංශවල ප්‍රධාන පාර්ශවකරුවන් ඇතුළු ආරාධිතයන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම එළිදැක්වීමේ උත්සවය පසුගියදා කොළඹ පෝර්ට් සිටි හී දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. ඩිජිටල් යුගයේ ව්‍යාපාරවල දිනෙන් දින වර්ධනය  වන අවශ්‍යතාවයන් සපුරාලිය හැකි ශක්තිමත් SaaS වේදිකාවක් සැකසීමට Enadoc සහ Orel Cloud හි කැපවීම මෙම උත්සව අවස්ථාව තුළින් මැනවින් පසක් විය.

Enadoc හි ප්‍රධාන විධායක නිලධාරී වසන්ත වීරකෝන් මහතා විසින් මෙම උත්සව අවස්ථාවේ ප්‍රධාන දේශනය සිදුකළ අතර එහිදී ඔහු Orel Cloud මත Enadoc හි හැකියාවන් සහ ප්‍රතිලාභයන් ගැන අවධාරණය කරමින් මෙසේ සඳහන් කළේය.  “Enadoc ඔස්සේ පරිශීලකයින් වෙත බාධාවකින් තොරව සිය ලේඛන කළමනාකරණ කටයුතු සිදු කර ගැනීමේ අවස්ථාව සලසා දෙනවා. ආරක්ෂාව , ප්‍රවේශය සහ කාර්යක්ෂමතාවය සහතික කරමින් ආයතන තොරතුරු කළමනාකරණය කිරීමේ ක්‍රියාවලිය තුළ යම් වෙනසක් සිදු කිරීම අපගේ ප්‍රධාන අරමුණයි.”

Enadoc ඔස්සේ සියලුම ව්‍යාපාරවල කාර්යක්ෂම ඩිජිටල්කරණය, දත්ත ගබඩා කිරීම, කළමනාකරණය සහ දත්ත නැවත ලබා ගැනීම ආදී පහසුකම් සමඟින් ව්‍යාපාරවල ලේඛන කළමනාකරණ කටයුතු වඩාත් සරලව සිදුකරගැනීම සඳහා අවස්ථාව පිරිනමනු ඇත. ඩිජිටල්කරණය, සංවිධානය සහ ආරක්ෂණ ක්‍රමවේදයන් මැනවින් ඒකාබද්ධ කරමින් සැකසූ මෙම විස්තීරණ විසඳුම, අඩු පිරිවැයකින් වැඩි ඵලදායිතාවක් ලබාදෙන අතර අනුකූලතාව සහතික කරයි. Enadoc සතු මනා සංවිධානාත්මක බව සහ ආරක්ෂාව ආයතන වර්ධනයට උපකාරී වන මෙහෙයුම්වල විශිෂ්ටත්වය ළඟා කර ගැනීමට, වඩාත් නිරවද්‍ය තීරණ ගැනීමට මෙන්ම ලේඛන ඩිජිටල්කරණය ඵලදායි ලෙස සිදුකිරීමට ඉවහල් වේ.

SaaS වේදිකාවක් හරහා Enadoc වෙත පිවිසීමට Orel Cloud පාරිභෝගිකයින්ට හැකියාව තිබේ. Huawei Cloud Stack තාක්ෂණය මඟින් සවිබල ගැන්වෙන Orel Cloud, යටිතල පහසුකම් කළමනාකරණය කිරීමට අවශ්‍ය සියලුම මෙවලම් සහ පහසුකම් සහිත hybrid cloud එකකි.

Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top