තාක්ෂණික ලෝකය මෙන්ම ක්‍රීඩා ලෝකය ද මවිතයට පත් කරමින් Apple සමාගම විසින් සම්පූර්ණයෙන්ම iPhone භාවිතා කරමින් ඔවුන්ගේ ප්‍රථම සජීවී වෘත්තීය මට්ටමේ ක්‍රීඩා ඉසව්වක් සාර්ථකව විකාශය කර තිබෙනවා…
ලෝක කුසලාන තරඟාවලියට පෙර පැවැත්වුණු අවසන් Major League Soccer සති අන්තයේ LA Galaxy සහ Houston Dynamo FC කණ්ඩායම් අතර පැවැති තරඟය තමයි මේ විදිහට iPhone විතරක් පාවිච්චි කරලා ඔවුන් විකාශය කරලා තියෙන්නේ..
මෙම ඓතිහාසික සජීවී විකාශය සඳහා Apple සමාගම විසින් ඔවුන්ගේ අලුත්ම iPhone 17 Pro මාදිලියේ දුරකථන 15ක් පමණක් භාවිතා කර තිබීම විශේෂත්වයක්.
සාමාන්‍යයෙන් විශාල සහ මිල අධික කැමරා පද්ධති යොදාගන්නා මෙවැනි ක්‍රීඩා විකාශනයක්, සාක්කුවේ දමාගෙන යා හැකි ස්මාර්ට්ෆෝන් 15කින් පමණක් මෙතරම් සාර්ථකව සිදු කිරීම සැබවින්ම කැපී පෙනෙන තාක්ෂණික දියුණුවක්.
ඒ වගේම මේක ගැන Apple Loversල සහ Android Loversල අතර ලොකු ගැටුමක් නිර්මාණය වෙලා තියෙනවා.. ඉතින් මේ ගැන ඔයාලා මොකද හිතන්නේ? ඇපල් වල කැමරා Quality එකට ලං වෙන්නවත් ඇන්ඩ්‍රොයිඩ් වලට බැරිද? නැත්නම් මේකත් නිකන්ම Apple ලාගේ තවත් එක මාකටින් පාරක් විතරද?
උපුටා ගැනීම : : Dinith Maleesha
