IT කරන හැමෝම බැලිය යුතුම Report එකක්

Mic
By Mic

ලොව ප්‍රමුඛ පෙළේ Cybersecurity ආයතනයක් වන ESET විසින් H1 2026 Threat Report නිල වශයෙන් නිකුත් කර තිබෙනවා. මෙම වාර්තාව 2025 දෙසැම්බර් සිට 2026 මැයි දක්වා ලොව පුරා නිරීක්ෂණය කළ Cyber Threats සහ ප්‍රවණතා විශ්ලේෂණය කරල තමයි මේක හදල තියෙන්නේ.

වාර්තාවේ ප්‍රධාන කරුණු

👉 AI දැන් Cyber Criminals ලගේ ප්‍රධාන ආයුධයක්

අලුත් Attack Techniques නිර්මාණය කරනවාට වඩා, AI භාවිතයෙන් පැරණි ක්‍රම වේගවත් හා වඩාත් ඵලදායී ලෙස භාවිතා කිරීමට පටන්ගෙන තිබෙනවා. AI Agents සඳහා නිර්මාණය කරන ලද AI Skills 900,000කට ආසන්න ප්‍රමාණයක් ESET විසින් විශ්ලේෂණය කර ඇති අතර, ඒ අතරින් දහස් ගණනක් අනිෂ්ට (Malicious) බව හඳුනාගෙන තිබෙනවා.

👉 Generative AI භාවිත කරන පළමු Android Malware එක

H1 2026 කාලය තුළ PromptSpy නම් Android Malware එක හඳුනාගෙන තිබෙනවා. මෙය Generative AI භාවිත කරමින් ප්‍රහාර වඩාත් බුද්ධිමත්ව සිදු කළ හැකි බව ESET පෙන්වා දෙනවා.

👉 QR Code Phishing (Quishing) වාර්තාගත ලෙස ඉහළ යයි

QR Codes භාවිතයෙන් users ල ව්‍යාජ වෙබ් අඩවි වෙත යොමු කරන Quishing Attacks H1 2026 කාලයේදී වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. Cyber Criminals මේ සඳහා AI භාවිත කිරීමත් වැඩි වී තිබෙන බව වාර්තාව සඳහන් කරයි.

ලංකාවෙත් QR.payment පටන් ගන්න සහ Promotion කරන කාලයක් නිසා අනිවාර්යයෙන්ම මේ ගැන හිතේ තියාගෙන ඉන්න.

👉 ClickFix Attacks තවදුරටත් වර්ධනය වෙයි

ව්‍යාජ Error Messages පෙන්වා Users ලවා

Commands Run කරවන ClickFix Social Engineering Attack එක H2 2025 සමඟ සසඳන විට දෙගුණයකටත් වඩා වැඩි වී තිබෙනවා. මේවා AI Tools, Browser Extensions සහ Cloud Login Pages වැනි තැන්වලටත් ව්‍යාප්ත වී ඇත.

👉 Ransomware තර්ජනය තවමත් අවසන් වෙලා නැහැ

නීතිමය ක්‍රියාමාර්ග හේතුවෙන් සමහර Ransomware Groups දුර්වල වී තිබුණත්, නව Groups සහ EDR Bypass Techniques භාවිත කරමින් Ransomware ප්‍රහාර තවමත් සිදු වෙමින් පවතින බව ESET පෙන්වා දෙයි.

AI නිසා Cyber Attacks වඩාත් වේගවත්, බුද්ධිමත් සහ විශාල පරිමාණයෙන් සිදු වන යුගයකට අපි පැමිණ සිටිනවා. ඒ නිසා සාමාන්‍ය පරිශීලකයන් සහ ආයතන දෙපාර්ශවයම Cyber Security පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීම අද අත්‍යවශ්‍යයි.

ශෙයාර් කරල හැමෝම දැනුවත් කරන්න පුළුවන් නම්

උපුටා ගැනීම : Lakshan Weerasingha

Share This Article