LinkedIn එකක් හරියට හදාගමු .

Mic
By Mic

LinkedIn හැමෝම දන්නවනේ. ඔයාගෙ Linked profile එක හරියට තියෙනවා නම් ඔයාට ගොඩාක් opportunities එනවා.

හරිම ලේසියෙන් ලොකු value එකක් Add කරන් සුපිරි Opportunities හොයාගන්න පුලුවන් .

අද කතා කරමු කොහොමද හරියට Strong Profile එකක් හදාගන්නෙ කියලා.

01. Headline

Recruitersla Search කරන්නෙ Keyword වලින් ඒ නිසා Heading එකට ජොබ් රෝල් එක විතරක් දාන්න එපා. තියෙන ඔක්කොම ඔබන්නත් එපා.

ඔයාගෙ Role එක + ඔයාගෙ Main Skill කීපය +Outcome එක දාන්න.

උදා : Lead QE @xxx | Test Automation (Playwright) | Building Framework | Ensuring Seamless User Experience මෙන්න මේ වගේ. ඔයා Student කෙනෙක් නම් මොනවා සම්බන්ද වද Follow කරන්නෙ + Skills දාන්න.

ගොඩක් අය Heading එකෙ Role එකයි Education ටිකයි දානවා. සමහර අය CV එකම Heading එක අස්සෙ. උපරිම පේලි 2කට එන Strong Professional Heading එකක් දාගන්න.

02 Profile Photo

Selfie , Group Photo , Messy Background , Highlight Colour තියෙන Professional නැති ඇදුම් එක්ක ඒවා දාන්න එපා. ලගදි ගත්‍ත Professional ( Court දාන්නම ඔන නෑ Casual But Professional ) Light Colour එක්ක යන Dress එකක් එක්ක දාන්න. Hair Style සහ අනෙක් ඒවත් බලන්න. එක එක Action පෙන්නන් ඉන්න ඒවා එපා. ලා හිනාවක් එක්ක ඉන්න. ඊලගට plain colour Background එකක් එක්ක දාන්න. ෆොටෝ එකෙ 60% මූන පේන්න දාන්න.

03 Banner

ඔයා දැනට work කරනව නම් ඒකෙන් Banner එකක් දෙනවා. ඒම නැත්නම් සරලව ඔයාගෙ Role එක , Tools , Highlight Skills , Values , Contact Details එක්ක සරල චාම් mutual colours යන Banner එකක් හදලා දාගන්න. අර Google Download Images නම් දාන්න එපා. Banner එක Empty තියන්නත් එපා.

04 About Section එක

මේකෙ ජීවිත කතාවම ලියන්න එපා. ආයෙ ආයෙ මම undergraduate බ්ලා බ්ලා දාන්න එපා. Strong Portfolio එකක් Abstract ලියන්න.

Who You Are + Values + What Problem Solve + Proof + What You Are Open

මේවා ඉතිං AI වලින් ලස්සනට හදාගෙන humanize කරන්න පුලුවන් .

05 Education

Highest ම Education එකෙ ඉදන් පිලිවෙලකට දාන්න.

Ex Msc , Bsc , Hnd , Dip

දැනට කරන් යන එක උඩින්ම දාන්න. නිකන්ම Qualifications දාන් නැතුව ඒක ගැන විස්තරයක් දාන්න.

මොකක්ද ඒක , කොහෙන්ද දුන්නෙ , Grade එක මොකක්ද , ඔයා ඒකෙන් ඉගෙන ගත්තෙ මොනා ද , කොයි කොයි කාලෙද කරේ Short Sweet Details දාන්න.

ඊලගට අරහෙන් මෙහෙන් අහුලගත්ත Web , App වලින් කරපු හැම Education Qualifications එකක්ම දාන්න එපා. Valid , Strong ඒවා විතරක් දාන්න.

06 Experience

ඔයාගෙ Role එක , ඒකෙ හිටපු කාලය , ඔයාගෙ ඒකට අදාල Skills , ඔයා ඒකෙ කරපු දේවල් මොනාද (Responsabilities) විස්තර පිලිවෙලකට දාන්න.

07 Skills

ඔයාට තියෙන Main Top ම Skills 5 ක් වගෙ දාන්න. ඒ දාපුවා Endrose කරගන්න ඔයාගෙ Senior කෙනෙක් යාලුවෙක් Lecturer කෙනෙක්ට කියලා.

08 Project / Featured

කරපු Projects ටික දාන්න හොද ම 5 වගෙ. මොකක්ද Project එක , ඇයි ඒක කරේ , මොන ප්‍රශ්නයද විසදුවේ , Techstack එක , Approach එක වගෙ සරලව දාන්න.

09 Awards

මොනාහරි Award , ඇගයීම් , Dean List තියේ නම් පිලිවෙලකට දාන්න.

10 ජොබ් එකක් හොයන කෙනෙක් නම් Open to Work Tag එක දාගන්න.

කැමති නම් ඔයාගෙ ඔෆිස් එකෙ අයට නොපෙනෙන්න අනිත් අයට පේන්න Open to Work දාන්නත් පුලුවන් .

11 Custom Linkedin Profile Link එකක් හදාගම්න පුලුවන් නම්. ඊලගට ඔයාගෙ Linkedin Account එක Verify කරගන්න (Student Email , Work Email වලින් පුලුවන් .)

12 Network / Engadgmnt

ඔයාගෙ Role එකට අදාල Senior sla , Recruitersla , Connection , Companies එක්ක Connect වෙන්න. NewsLetter Subscribe කරන්න . දවසට 1 පාරක් හරි log වෙන්න. හොද Article අනම්මනම් Share කරන්න . පුලුවන් නම් හොද ඒවා ඔයත් ලියල දාන්න. Professional වෙන්න ටිකක්.

දැන් Linked In වල Insurance අය පිරිලා , Scam

වලින් පරිස්සම් වෙන්න. ඕක වෙලාවකට මොන්ටිසෝරියක් වගෙ . කැස්සක් ආවත් සමහර අය ඕකෙ දානවා .

Profile එක හරියට Update කරන් යන්න. මේවා කරාම ආයෙ සල්ලි දීලා Upgrade කරන් ජොබ් හොයන්න ඕන නෑ.

උපුටා ගැනීම : මුහුනුපොත (The IT Clinic )

Share This Article