කම්පියුටර් එකක් හරියට මනුස්සයෙක් වගේ තනියම ඉගෙන ගන්නවා කියලා හිතුවොත්? ඒක අහන්නත් පුදුමයි නේද? අන්න ඒ පුදුම හිතෙන තාක්ෂණයට තමයි Machine Learning (ML) කියන්නේ.
සරලවම කිව්වොත්, මීට කලින් අපි කම්පියුටර් එකකට වැඩක් කරගන්න නම් ඒකට කරන්න ඕන හැමදේම “Rules” විදිහට ටයිප් කරලා දෙන්න වුණා. හැබැයි Machine Learning වලදී වෙන්නේ, කම්පියුටර් එකට දත්ත (Data) ලබා දුන්නම, ඒ දත්ත දිහා බලලා තමන්ගේ අත්දැකීමෙන් තනියම ඉගෙනගෙන තීරණ ගන්න එකයි.
Machine Learning කියන්නේ ඇත්තටම මොකක්ද?
මේක එක Softwere එකක් හෝ Tool එකක් නෙමෙයි, මේක තාක්ෂණයක් (Technology). ඔයා දැනටමත් දන්නෙම නැතුව දවසකට කීප වතාවක් මේ ML තාක්ෂණය පාවිච්චි කරනවා.
• Facebook/Instagram: ඔයා කැමතිම විදිහේ පෝස්ට් ඔයාගේ Feed එකට එන්නේ කොහොමද?
• YouTube/TikTok: ඔයා බලන්න කැමතිම වීඩියෝ Suggest වෙන්නේ කොහොමද?
• Face Unlock: ඔයාගේ ෆෝන් එක ඔයාගේ මූණ අඳුරගන්නේ කොහොමද?
මේ හැමදේම පිටුපස තියෙන්නේ Machine Learning තාක්ෂණයයි.
මේකෙන් තියෙන ප්‍රයෝජනය මොකක්ද?
• රටාවන් හඳුනාගැනීම: විශාල දත්ත ප්‍රමාණයක් ඇතුළේ තියෙන අපිට නොපෙනෙන රටාවන් අඳුරගන්නවා.
• අනාවැකි කීම (Predictions): කලින් වෙච්ච දේවල් දිහා බලලා ඉස්සරහට මොනවා වෙයිද කියලා කියන්න පුළුවන්.
• තීරණ ගැනීම: ගොඩක් දේවල් විශ්ලේෂණය කරලා ඉතාම නිවැරදි තීරණ ගන්නවා.
අපේ එදිනෙදා ජීවිතයට කොහොමද බලපාන්නේ?
ශිෂ්‍යයන්ට: තමන්ගේ දැනුමට ගැලපෙන පාඩම් සහ ප්‍රශ්න පත්‍ර AI මගින් නිර්දේශ (Recommend) වෙනවා.
ව්‍යාපාරිකයන්ට: පාරිභෝගිකයන් මිලදී ගන්න කැමති මොනවද කියලා කලින්ම හඳුනාගෙන Sales වැඩි කරගන්න පුළුවන්.
සෞඛ්‍ය අංශයට: රෝග ලක්ෂණ සහ වාර්තා බලලා රෝගයක් කලින්ම හඳුනාගන්න වෛද්‍යවරුන්ට උදව් වෙනවා.
සාමාන්‍ය අපිට: Spam Calls අඳුරගන්න, භාෂාවන් පරිවර්තනය කරන්න (Translate) සහ ෆෝන් එකේ ආරක්ෂාවට.
මේ තාක්ෂණයේ බලපෑම:
• ජීවිතය ගොඩක් පහසු වෙනවා.
• වැඩ කරන වේගය වැඩි වෙනවා.
• වැරදීම් (Errors) අවම වෙනවා.
• තාක්ෂණය තව තවත් මනුස්සයෙක් වගේම “Smart” වෙනවා.
කෙටියෙන් කිව්වොත්:
Machine Learning කියන්නේ “කම්පියුටර් එකක් දත්ත (Data) ඇසුරෙන් තනියම ඉගෙනගැනීම” ටයි!
උපුටා ගැනීම : මුහුණු පොත ( AI Tools සිංහලෙන් )
