macOS 26.4 පළමු beta සංස්කරණය නිකුත් වෙයි

Mic
By Mic

Apple සමාගම, macOS 26.3 නිකුත් කර දින කිහිපයකට පසු, දැන් macOS 26.4 හි පළමු beta සංස්කරණය developers ලා සඳහා නිකුත් කර තිබෙනවා.

මීට පෙර පැවති වාර්තා වලට අනුව, Google Gemini තාක්ෂණය මත පදනම් වූ, කෘත්‍රිම බුද්ධියෙන් බලගැන්වුණු නව Siri මෙම සංස්කරණය සමඟ පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරුණා. නමුත් මෑත Bloomberg වාර්තාවකට අනුව Apple සමාගම එම විශේෂාංගය අනාගත සංස්කරණ සඳහා කල් දමා තිබෙනවා.

කෙසේ වෙතත්, macOS 26.4 සමඟ නව emoji ඇතුළත් වනු ඇති අතර Gemini වලට සම්බන්ධ නැති වෙනත් Apple Intelligence විශේෂාංග ද අපේක්ෂා කළ හැකියි. මීට අමතරව, AI මෙවලම් වලට apps සමඟ ක්‍රියා කිරීමට ඉඩ සලසන Anthropic’s MCP protocol සඳහා වන සහාය ද මෙමගින් තවදුරටත් පුළුල් කිරීමට ඉඩ තිබෙනවා

උපුටා ගැනීම : Techie Instants

Share This Article