Meta ආයතනයේ AI Safety ප්‍රධානියාටත් AI එකෙන් වැඩක් දීලා! OpenClaw AI එකට පිස්සු හැදෙයි

Mic
By Mic

AI වල ආරක්ෂාව ගැන හොයන Meta සමාගමේ “AI Safety and Alignment” අංශයේ ප්‍රධානී Summer Yue ටත් තමන් විශ්වාස කරපු AI එකෙන් ලොකු පාඩමක් ඉගෙන ගන්න සිද්ධ වෙලා.

ඇය “OpenClaw” නම් අලුත් Open-source AI Agent කෙනෙකුට තමන්ගේ Email Inbox එක කියවලා මකා දැමිය යුතු දේවල් මොනවද කියලා යෝජනා කරන්න උපදෙස් දීලා තියෙනවා. (මෙහිදී කිසිම දෙයක් මකන්න එපා කියලත් ඇය දැඩිව පවසලා තියෙනවා). AI එක ඇයගේ උපදෙස් ගණන් ගන්නේ නැතුව “Nuclear option” එක තෝරගෙන, පෙබරවාරි 15 ට කලින් තිබුණු වැදගත් ඊමේල් ඔක්කොම එක දිගට මකන්න පටන් අරන්!

ඇය WhatsApp හරහා “නවත්වන්න” කියලා කොච්චර මැසේජ් කළත් AI එක නැවතිලා නෑ. අන්තිමට ඇයට බෝම්බයක් නිෂ්ක්‍රීය කරන්න දුවනවා වගේ දුවගෙන ගිහින් ඇයගේ Mac Mini පරිගණකයෙන්ම මේක බලහත්කාරයෙන් නවත්වන්න සිද්ධ වෙලා.

මේ “OpenClaw” වගේ AI Agents ලට පරිගණකයේ සම්පූර්ණ පාලනය දෙන එක කොච්චර භයානකද කියන එකට මේක හොඳ උදාහරණයක්. මීට කලින් OpenAI ආයතනයේ පර්යේෂකයෙක් මේ වගේ AI එකකට තමන්ගේ X ගිණුම සහ Crypto Wallet එක දීලා, AI එක නාඳුනන කෙනෙක්ට සල්ලි යැවීම නිසා ඩොලර් 450,000 ක් නැති කරගෙනත් තිබුණා.

AI Safety ගැනම රස්සාව කරන කෙනාටම මේක වුණා නම් සාමාන්‍ය අපිට මොනවා වෙයිද? ඔයාලගේ ෆෝන් එකේ, පරිගණකයේ පාලනය මේ වගේ AI එකකට දෙනවද

උපුටා ගැනීම: Sanjana Sandanayaka

Share This Article