Meta සමාගමේ Ray Ban AI glasses අලෙවිය 2025 වසරේදී මිලියන හතකට වඩා ඉහළ ගොස් ඇත. නමුත් එහි අන්තර්ගත facial recognition සහ AI තාක්ෂණය හේතුවෙන් බරපතල privacy ගැටළු මතු වී තිබේ.
මෙම glasses හරහා ලබාගන්නා footage, නව AI models පුහුණු කිරීමේ data labeling කටයුතු සඳහා විදේශීය contractors ලා වෙත යවනු ලබයි. කෙන්යාවේ සේවකයින් හෙළි කරන්නේ, ඔවුන්ට පරිශීලකයින්ගේ bank cards මෙන්ම ඉතා සංවේදී සහ පුද්ගලික දර්ශන නිරීක්ෂණය කිරීමට සිදුවී ඇති බවයි. රැකියාව අහිමි වීමේ බිය නිසා ඔවුන්ට මේවා review කිරීමට සිදුවී ඇත.
AI features භාවිතා කිරීමට නම්, තම දත්ත Meta servers වෙත යැවීම අනිවාර්ය වේ. Meta සමාගම තම Terms of use හරහා මෙම human review ක්‍රියාවලිය සාධාරණීකරණය කරන අතර, මෙය තාක්ෂණික ලෝකයේ සැඟවුණු අඳුරු පැතිකඩක් පෙන්වා දෙයි.
උපුටා ගැනීම : Techie Instants
