Meta සමාගම 2026 වසරේ සිට standalone Messenger website එක වසා දැමීමට තීරණය කරයි

Mic
By Mic

Meta සමාගම 2026 අප්‍රේල් මාසයේ සිට ඔවුන්ගේ standalone Messenger website එක මුළුමනින්ම වසා දැමීමට තීරණය කර ඇත. ඉන්පසු පරිගණක හරහා පණිවිඩ හුවමාරු කරගැනීම සඳහා පරිශීලකයින් facebook.com/messages වෙත පිවිසිය යුතුය.

Facebook account එකක් නොමැතිව Messenger භාවිතා කරන පරිශීලකයින්ට ඉදිරියේදී භාවිතා කළ හැක්කේ Messenger mobile app එක පමණි. ඔවුන්ට තම chat history එක PIN අංකයක් මගින් අලුත් උපාංගයක restore කරගත හැක.

මීට පෙර Windows සහ Mac සඳහා වූ Messenger desktop apps ද Meta විසින් වසා දමන ලදී. තම Facebook account එක deactivate කර Messenger පමණක් භාවිතා කළ පරිශීලකයින් මෙම තීරණය සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළ කර ඇත. නඩත්තු වියදම් අවම කරගැනීමේ අරමුණින් Meta සමාගම මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.

උපුටා ගැනීම : Techie Instants

Share This Article