Microsoft විසින්,

Mic
By Mic

නිකුත් කළ 2026 ජූලි Windows 11 Security Update (KB5101650) install කිරීමෙන් පසු, සමහර Dell පරිගණකවල unexpected shutdowns, performance issues, overheating සහ battery drain වැනි ගැටලු ඇතිවිය හැකි බව Microsoft නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.

මෙම ගැටලුව ඇතිවන්නේ Windows 11 24H2 සහ 25H2 භාවිත කරන සීමිත Dell devices කිහිපයක පමණක් වන අතර, එයට හේතුව ලෙස හඳුනාගෙන ඇත්තේ Intel Innovation Platform Framework (IPF) driver එක සහ Windows තුළ හඳුන්වාදුන් USB-C Connection Manager අතර ඇති incompatibility එකක් බවයි.

Affected devices වල පහත ගැටලු ඇතිවිය හැකියි.

⚠️ පරිගණකය හදිසියේ Shutdown වීම

🐢 System එක මන්දගාමී වීම

🔥 Laptop එක සාමාන්‍යයට වඩා රත් වීම

🔋 Battery ඉක්මනින් බැස යාම

⚠️ Device Manager තුළ Intel Innovation Platform Framework Processor Participant driver එක අසල කහ පැහැති (!) ලකුණක් දිස්වීම

මෙම ගැටලුව හඳුනාගත් පසු Microsoft විසින් affected Dell devices වෙත KB5101650 update එක යැවීම තාවකාලිකව නවතා තිබෙනවා. ඒ අතර Dell සහ Microsoft එක්ව fix එකක් සකස් කරමින් සිටින අතර, ඉදිරි දින කිහිපය තුළ solution එකක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන් කර තිබෙනවා.

උපුටා ගැනීම : Lakshan Weerasingha

Share This Article