2026 මාර්තු මාසයේදී Microsoft සමාගම ඔවුන්ගේ අතිනවීන MAI-Image-2 මාදිලිය නිකුත් කළා. මෙච්චර කල් ඔවුන් OpenAI සමාගමේ තාක්ෂණය පාවිච්චි කළත්, දැන් ඔවුන් තමන්ගේම “සැබෑ රූප” මවන ඉංජිනේරුවෙක් නිර්මාණය කරලා තියෙනවා.
⚜️ මොකක්ද මේකේ තියෙන විශේෂත්වය?⚜️
මේක ලෝකයේ තියෙන හොඳම AI රූප generate කරන්නන් අතර තෙවැනි ස්ථානය දිනාගෙන තියෙනවා. මෙහි ඇති ප්‍රධාන වාසි කිහිපයක් මෙන්න:
– සැබෑ පෙනුම (Photorealism): වෙනත් AI වල තියෙන “ප්ලාස්ටික්” ගතිය මෙහි නැහැ. මිනිස් සමේ ස්වභාවය, ආලෝකය වැටෙන විදිහ සහ සෙවනැලි ඉතාමත් නිවැරදිව මවන්න මේකට පුළුවන්.
– අකුරු නිවැරදිව ලිවීම: පින්තූරයක් ඇතුළේ බෝඩ් එකක හෝ පෝස්ටර් එකක තියෙන අකුරු ඉතාමත් පැහැදිලිව සහ නිවැරදිව (Spelling වැරදෙන්නේ නැතිව) ලියන්න මේකට පුළුවන්.
– කැමරා ශිල්පීන්ගේ උපදෙස්: Microsoft සමාගම මේක හැදුවේ ඇත්තම කැමරා ශිල්පීන් සහ ඩිසයිනර්වරුන්ගෙන් උපදෙස් අරගෙනයි. ඒ නිසා තමයි මේකෙන් ලැබෙන පින්තූර ඇත්තම පින්තූර වගේ පෙනෙන්නේ.
⚜️ අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් කොහොමද? ⚜️
ඔයාට පුළුවන් playground.microsoft.ai වෙබ්සයිට් එකට ගිහින් නොමිලේ මේක ටෙස්ට් කරලා බලන්න.
ලඟදීම ඔයාගේ Microsoft Copilot සහ Bing Image Creator හරහාත් මේ අලුත් ප්ලෑන් එක පාවිච්චි කරන්න අවස්ථාව ලැබෙනවා.
⚜️ ඇයි මේක අනිත් ඒවට වඩා “ඇඩ්වාන්ස්” (Advanced) වෙන්නේ? ⭕️
මෙහි තියෙන Flow-Matching තාක්ෂණය නිසා රූපයක තියෙන සියුම් විස්තර (උදා: වැහි බිංදු, රෙදි වල නූල් පවා) ඉතාමත් පැහැදිලිව මවන්න පුළුවන්. ඒ වගේම ඔයා දෙන උපදෙස් (Prompts) ඉතාමත් අකුරටම පිළිපදින්න මේ AI සහායකයා උත්සාහ කරනවා.
උපුටා ගැනීම : GEN AI
