MimiClaw :ඔබේම AI Assistant එකක් Pocket එකට

Mic
By Mic

අද අපි හිතන විදිහට AI කියන්නේ ලොකු servers, cloud systems, හෝ powerful computers වලට සීමා වෙච්ච දෙයක්. ඒත් දැන් ඒ picture එක ටිකක් වෙනස් වෙලා තියෙනවා. “ඔබටම අයිති AI assistant එකක්” කියන concept එක literally ඔබේ අතේ තියෙන කුඩා device එකකින් reality එකක් වෙලා තියෙනවා.

මේකට හොඳම උදාහරණයක් තමයි MimiClaw කියන project එක. මේක පොඩි ESP32-S3 development board එකක් use කරලා හදපු smart AI assistant එකක්. Setup එකත් බොහොම simple — USB එකෙන් power දෙනවා, WiFi එකට connect කරනවා, එතනින් පස්සේ Telegram හරහා ඒ AI එකත් එක්ක chat කරන්න පුළුවන්. ඒ කියන්නේ, ඔබට everyday use කරන chat app එකෙන්ම ඔබේ AI assistant එක control කරන්න පුළුවන්.

ඇත්තටම මේකේ biggest highlight එක තමයි, මේකට heavy setup එකක් ඕනේ නැති එක. Mac mini එකක්, Linux system එකක්, Node.js backend එකක්, Raspberry Pi එකක්, VPS එකක් — මේ කිසිම දෙයක් නැතුව, thumb size එකේ chip එකක් මත මේ AI එක run වෙනවා. මේක hardware hacking ලෝකේ ඉතාම interesting evolution එකක් කියලා හිතන්න පුළුවන්.

තවත් cool feature එකක් තමයි මේක gradually “learn” වෙන එක. ඔබ දෙන tasks, instructions අනුව ඒ AI assistant එක slowly memory එක build කරගෙන, ඔබට suit වෙන විදිහට evolve වෙනවා. ඒ වගේම data cloud එකට push නොකර locally වැඩ කරන නිසා privacy පැත්තෙන්ත් safe.

Developersලාට, especially embedded systems, IoT, AI වල interest තියෙන අයට මේක super project එකක්. ඒ වගේම tech වලට අලුත් අයත් මේකෙන් practical විදිහට ඉගෙන ගන්න පුළුවන්, මොකද මේක overly complicated නැහැ.

සරලව කියනවානම්, MimiClaw කියන්නේ “AI use කරන්න powerful setup එකක් ඕනේ” කියන myth එක break කරන project එකක්. ඔබේම AI assistant එකක්, ඔබේ control එක යටතේ, ඔබට ඕනේ විදිහට customize කරගෙන use කරන්න පුළුවන් — ඒකත් pocket size device එකකින්. ඒක තමා මේකේ real beauty එක.

උපුටා ගැනීම : Buwa Thoughts

Share This Article