MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

Mic
By Mic

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන් එකතු වන නිශ්පාදන දැන් officially announce කරලා තියෙනවා. මේ විදියට පරිගණක ක්‍රීඩකයන්ගේ විවිධ අවශ්‍යතා target කරගෙන නව models දෙකක් හඳුන්වා දීලා තියෙනවා — MPG 322UR QD-OLED X24 සහ MAG 321UP QD-OLED X24.

මේ monitor දෙකම නවතම 5-layer Tandem OLED architecture එකත්, EL Gen 3 technology එකත් භාවිතා කරන නිසා, 32-inch 4K category එක තුළ brightness, energy efficiency සහ long-term durability වලින් අලුත් සළකුනක් තියන්න සමත් වෙනව. මේ මොඩ්ල්ස් දෙකම MSI සමාගමේ අලුත්ම display technology එක්කම එන නිසා, පරිගණක ක්‍රීඩකයන්ට ඇතිවෙන visual quality එක සහ කල්පැවැත්ම ගැන තියෙන සැකයන් වලට සම්පූර්ණයෙන්ම විසදුමක් ලබා දෙනවා.

DarkArmor Film කියන්නේ මෙහි ප්‍රධාන විශේෂාංග වලින් එකක්. මේ විශේෂිත film technology එක ambient light තියෙන වෙලාවට සාමාන්‍ය QD-OLED screens වල දකින්න පුලුවන් දම් වර්ණය හෝ රතු වර්ණයන් වගේ අවධානය වෙනස් කරන වර්ණයන් නැති කරන්න නිර්මානය කරලා තියෙනවා. ඒ නිසා කලු වර්ණයන් තවත් කැපීපෙනෙන විදියට 40%ක් දක්වා වැඩි වෙනවා. ඒත් එක්ක contrast එකත් වැඩි වෙන නිසා image quality එක ඉහලම තැනක තියනව.

ඒ විතරක් නෙමෙයි, මේ DarkArmor Film එක screen surface hardness එක 2H වලින් 3H දක්වා upgrade කරනවා. ඒවගේම මේ monitor වල scratch resistance එක 2.5xකින් වැඩි වෙන විදියට නිර්මානය කරල තියනව.

Uniform Luminance විශේෂාංගය MSI සමාගම මේ models වලට එකතු කරල තියෙන්නේ, සාමාන්‍ය HDR displays වල බොහෝ විට දකින්න ලැබෙන හදිසි අලෝක වෙනස් වීම (sudden brightness shifts) වගේ කරදරකාරී ගැටලු අවම කරන්නයි. මේ විශේෂාංගයෙන් පරිශීලකයන්ට HDR brightness curve එක උපයෝගී කරගෙන තමන්ට අවශ්‍ය වෙනස්කම් කරගන්න පුළුවන්.

ඒ කියන්නේ, display window size එක වෙනස් වෙද්දී ඒකට ගැලපෙන brightness level එක මේ තාක්ශණයෙන් ස්වයංක්‍රීයව සකස් වෙනව. ඒ නිසා gaming කරන වෙලාවට, චිත්‍රපටි බලන වෙලාවට හෝ  එදිනෙදා බාවිතයේදී brightness එක ස්ථාවර සහ සුමට ලෙස එක දිගට පවත්වාගෙන යන්න පුලුවන් වෙනවා.

තමන්ගේ පරිගණකයෙන් උපරිම විශ්වාසනීයබාවයක් අපේක්ශා කරන පරිශීලකයන්ට නම්, MPG 322UR QD-OLED X24 කියන්නේ හොදම තේරීම් වලින් එකක්. මේ model එකේ තියෙන ලොකුම වාසිය තමයි MSI එකටම විශේෂ වූ AI Care Sensor විශේෂාංගය අඩංගු වෙන එක.

මේ AI Care Sensor එක NPU-based IC එකක් භාවිතා කරලා, display panel එක කල්තියා ආරක්ෂා කරන්න නිර්මානය කරලා තියෙනවා. ඒවගේම සෑම විටම human detection algorithm එකක් ධාවනය කරලා, monitor එක ඉදිරියේ පරිශීලකයා සිටිනවද නැද්ද කියලා smart විදිහට අනාවරණය කරගන්නවා. ඒ අනුව බලශක්තිය කළමනාකරණය කරලා, අවශ්‍ය වෙලාවට panel protection එක ස්වයංක්‍රීයව සක්‍රීය කරනවා.

මේකේ හොදම දේ තමයි, මේ හැමදේම gameplay එකකට බාධා නොවෙන විදියට background එකේ සිද්ධ වෙන එක. ඒ නිසා ක්‍රීඩකයන්ට panel safety එක ගැන වද වෙන්නෙ නැතුව, සම්පූර්න අවදානය ක්‍රීඩාවට ලබාදෙන්න පුලුවන්.

උපුටා ගැනීම: Pc Guide

Share This Article