“AI වලට කවදාහරි ලෝකේ පාලනය කරන්න පුළුවන් වෙයිද?”
මේක ගොඩක් අයට තියෙන ප්රශ්නයක්. මේකට උත්තරේ දැනගන්න නම්, අපි අද කතා කරන Narrow AI සහ General AI (AGI) අතර වෙනස හරියටම දැනගන්න ඕන.
අද AI Challenge එකේ 13 වෙනි දවසේ අපි බලමු AI වල වර්තමානය සහ අනාගතය කොහොම වෙයිද කියලා!
Narrow AI (ANI) – “එක් වැඩක දක්ෂයා” ![]()
• සරලවම කිව්වොත්, අද ලෝකේ අපි දකින හැම AI එකක්ම අයිති වෙන්නේ මේ ගොඩට.
• Narrow AI (Weak AI) කියන්නේ යම්කිසි එක වැඩක් කරන්න විශේෂයෙන් පුහුණු කරපු AI වලට. මේවා ඒ අදාළ වැඩේදී මිනිස්සුන්ට වඩා දක්ෂයි, හැබැයි වෙන දේවල් කරන්න බෑ.
උදාහරණ:
• ඔයාගේ Phone එකේ Face Unlock එකට මූණ අඳුරගන්න පුළුවන්, හැබැයි ඒකට බත් උයන්න බෑ. ![]()
• Chess Computer එකකට ලෝක ශූරයෙක් පරද්දන්න පුළුවන්, හැබැයි ඒකට කාර් එකක් එලවන්න බෑ.
• Siri / Google Assistant අද අපි පාවිච්චි කරන හොඳම උදාහරණ.
General AI (AGI) – “සියලු දේ දත් බුද්ධිමතා” ![]()
• AGI (Artificial General Intelligence) කියන්නේ තාම සංකල්පයක් (Concept) සහ පර්යේෂණ මට්ටමේ තියෙන දෙයක්.
• මේකෙන් කියන්නේ මිනිසෙකුට කරන්න පුළුවන් ඕනෑම බුද්ධිමය කාර්යයක් කරන්න පුළුවන් මට්ටමේ AI එකක් ගැනයි. අලුත් දේවල් ඉගෙන ගන්න, තර්කානුකූලව හිතන්න සහ තනියම ප්රශ්න විසඳන්න මේකට පුළුවන් වෙන්න ඕන.
උදාහරණ:
• Iron Man ෆිල්ම් එකේ JARVIS,
• Terminator ෆිල්ම් එකේ Skynet.
(මේවා තාම ඇත්ත ලෝකේ නෑ).
සරල වෙනස මෙහෙමයි:
Narrow AI (අද)
• එක වැඩක් සුපිරියට කරයි (Specialist)
• උගන්වපු දේ පමණක් දනී
• Siri, Netflix Algorithm, FaceID
General AI (හෙට?)
• ඕනෑම වැඩක් කරයි (Generalist)
• තනියම ඉගෙන ගනී
• මිනිසෙකු වැනි රොබෝවරු
අපි දැන් ඉන්නේ කොතනද?
අපි තාම ඉන්නේ Narrow AI යුගයේ. ChatGPT වගේ දේවල් නිසා අපි AGI වලට ටිකක් ලං වෙලා වගේ පෙනුනට, තාම මිනිස් මොළයට සමාන බුද්ධියක් නිර්මාණය කරලා නෑ. හැබැයි Tech ලෝකයේ ලොකුම ටාගට් එක (Holy Grail) තමයි මේ AGI කියන්නේ!
මේ වෙනස ගැන ChatGPT එක්ක කතා කරලා බලන්න. මේ ප්රශ්නය අහන්න:
“Are you considered Narrow AI or AGI? Explain why.”
එයා දෙන උත්තරෙන් ඔයාට තේරෙයි එයාගේ සීමාවන් මොනවද කියලා.
උපුටා ගැනීම: TECH DEIYO
