ඔන්න යාළුවනේ AI ලෝකයම හොල්ලන අලුත්ම TechNews එකක් ඇවිත් තියෙනවා. Anthropic සමාගමේ Mythos කියන AI model එකට NSA එකේ රහස් සිස්ටම්ස් හැම එකකටම වගේ ඇතුල් වෙන්න පුළුවන් වෙලා තියෙනවා. ඒකත් පැය කිහිපයක් වැනි කෙටි කාලයකදී සිද්ධ වුණු දෙයක් කියලයි ආරංචි වෙන්නේ.
The Economist වාර්තාවකට අනුව Senate Intelligence Committee එකේ vice chair වෙන Senator Mark Warner තමයි මේ තොරතුර හෙළි කරලා තියෙන්නේ. NSA සහ Pentagon එකේ Cyber Command එක මෙහෙයවන General Joshua Rudd මේ සිදුවීම ඔහුට කෙලින්ම කියලා තියෙනවා.
මේ හැමදේම සිද්ධ වුණේ ජුනි 11 වෙනිදා. එදාම තමයි Amazon සමාගම Anthropic සමාගමේ models වල තවත් jailbreak එකක් හොයාගත්තේ. මේ සිද්ධියෙන් පස්සේ Trump විසින් Anthropic සමාගමට නියෝග කළේ Mythos සහ Fable කියන models වලට ලැබෙන foreign access නවත්වන්න කියලයි. හැබැයි Anthropic සමාගම කළේ ඒ models දෙකම සම්පූර්ණයෙන්ම shut down කරපු එකයි.
දැන් මේ සිදුවීම ගැන තරඟකාරී කතා දෙකක් පැතිරෙනවා. එක කතාවකින් කියවෙන්නේ NSA එකේ classified systems හැක් වුණු නිසා මේ shutdown එක කළා කියලා. හැබැයි Anthropic සමාගම කියන්නේ මේ jailbreak එක ඉතාම සුළු එකක් වගේම මේ shutdown එක අනවශ්‍ය overreaction එකක් කියලයි.
හැබැයි හැමෝම පුදුම කරපු දේ තමයි NSA එක ඔවුන්ගේ cyber operations වලට Mythos එක පාවිච්චි කරලා තිබීම. ඒ විතරක් නෙවෙයි Anthropic engineers ලත් මේ agency එක ඇතුලෙම වැඩ කරලා තියෙනවා. ඉතින් ඔවුන් මෙච්චර කාලයක් විශ්වාසය තියපු tool එකම ඔවුන්ගේ හැම සිස්ටම් එකකටම රිංගපු එක ගැන ඔයා මොකද හිතන්නේ?
උපුටා ගැනීම : Shalinda Jayasinghe
