OpenAI වෙතින් coding සඳහාම වෙන්වූ නවතම AI මොඩලය GPT-5.3-Codex එළිදැක්වේ

Mic
By Mic

OpenAI සමාගම ඔවුන්ගේ නවතම coding model එක වන GPT-5.3-Codex හඳුන්වා දී තිබෙනවා. command line, IDE extension සහ web interface හරහා ලබාගත හැකි මෙම මොඩලය, පෙර පැවති GPT-5.2-Codex සහ GPT-5.2 වලට වඩා SWE-Bench Pro වැනි මිණුම්දඬු වලදී ඉහළ දක්ෂතා දක්වනවා.

OpenAI පවසන්නේ මෙම නව මොඩලය, එය නිර්මාණය කිරීමේ ක්‍රියාවලියටම සෘජුව දායක වූ බවයි. ඔවුන්ගේ අරමුණ වන්නේ මෙය code ලිවීමට පමණක් සීමා නොකොට, software lifecycle එකේ debugging, deploying, monitoring, user research සහ tests වැනි සියලුම කාර්යයන් සඳහා ප්‍රයෝජනවත් මෙවලමක් බවට පත්කිරීමයි.

මෙම update එකත් සමඟ මිල ගණන් වල වෙනසක් සිදු නොවන අතර, Codex පරිශීලකයන්ට 25% ක වේගවත් බවක් අපේක්ෂා කළ හැකියි. දැනට ChatGPT මොඩලය 5.2 version එකේ පැවතියද, Codex හි මෙම 5.3 යාවත්කාලීනයත් සමඟ ChatGPT සඳහාද ඉදිරියේදී නව update එකක් පැමිණිය හැකි බවට ඉඟි පළවෙනවා.

උපුටා ගැනීම : Techie instants

Share This Article