පසුගිය කාලයේ developer ප්‍රජාව අතර ඉතා ජනප්‍රිය වූ open-source AI agent එකක් වන OpenClaw හි නිර්මාතෘ Peter Steinberger, OpenAI ආයතනය සමග එක්වී තිබෙනවා. මෙය AI කර්මාන්තයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකෙන අතර, හුදෙක් කතා කරන chatbots වෙනුවට, පරිශීලකයන් වෙනුවෙන් code ක්‍රියාත්මක කිරීම සහ විවිධ කාර්යයන් ඉටුකළ හැකි ස්වයංක්‍රීය agents වෙත තාක්ෂණික ලෝකයේ අවධානය යොමුවෙමින් පවතින බවට මෙය ප්‍රබල සංඥාවක්.
මුලින් ClawdBot ලෙස හැඳින්වූ මෙම project එක Anthropic සමාගමේ Claude model එක මත නිර්මාණය වුවත්, ඇතිවූ නීතිමය ගැටළු හේතුවෙන් එය ඔවුන්ගේ ප්‍රධාන තරඟකරුවා වන OpenAI වෙත තල්ලු වුණා. LangChain හි ප්‍රධාන විධායක නිලධාරී Harrison Chase පවසන්නේ, OpenClaw මෙතරම් ජනප්‍රිය වීමට එහි “unhinged” ස්වභාවය, එනම් විශාල සමාගම් වලට ගත නොහැකි ආරක්ෂක අවදානම් ගැනීම ප්‍රධාන හේතුවක් වූ බවයි.
උපුටා ගැනීම : Techie Instants
