Oppo සමාගම නිවේදනය කරන්නේ ඔවුන්ගේ Find X9 series ස්මාර්ට්ෆෝන් සඳහා ඉක්මනින්ම Quick Share පහසුකම ලැබෙන බවයි. මේ හරහා Android සහ iOS, iPadOS මෙන්ම macOS devices අතර AirDrop ආකාරයෙන් file transfers සිදු කළ හැක. MediaTek සහ Google සමඟ එක්ව සංවර්ධනය කළ මෙය මාර්තු මාසයේදී software update එකක් හරහා ලබාදීමට නියමිතයි. ඉදිරියේදී Samsung Galaxy S26 series සඳහාද මෙවැනිම පහසුකමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මීට අමතරව ඔවුන්ගේ නව Omni AI model එක මගින් ක්රියාත්මක වන AI Translate සහ AI Portrait Glow වැනි නව on-device AI features ද Find X9 series එකට හඳුන්වා දී ඇත.
උපුටා ගැනීම : Techie Instants
