Payoneer සමාගම Stripe සමග එක්ව stablecoin ගනුදෙනු හඳුන්වා දීමට සූදානම් වෙයි

Mic
By Mic

ගෝලීය ගෙවීම් සේවා සපයන Payoneer සමාගම, Stripe සමාගමට අයත් Bridge නම් stablecoin infrastructure platform එක සමග එක්ව තම platform එක තුළ stablecoin ගනුදෙනු සඳහා පහසුකම් හඳුන්වා දීමට සූදානම් වනවා. මේ හරහා ගෝලීය ව්‍යාපාර වලට stablecoins ලබාගැනීමට, තමන් සතුව තබාගැනීමට සහ යැවීමට අවස්ථාව සැලසෙනු ඇත.

මෙම නව පහසුකම මගින්, තොග වෙළඳුන්ට පාරිභෝගික ගෙවීම් stablecoin ලෙස ලබාගැනීමටත්, marketing ආයතන වලට ජාත්‍යන්තර සැපයුම්කරුවන්ට ගෙවීම් කිරීමටත් හැකිවේ. එමෙන්ම, ව්‍යාපාර වලට තමන් සතු මුදල් stablecoins ලෙස තබාගැනීමට හෝ නැවත දේශීය බැංකු ගිණුම් වෙත ලබාගැනීමටත් විකල්පය පවතී.

Payoneer හි CEO වන John Caplan පවසන්නේ, Bridge සමග ඇති කරගත් මෙම හවුල්කාරීත්වය, compliance, වේගය සහ ආරක්ෂාවට මුල්තැන දෙමින් සැබෑ ව්‍යාපාර සඳහා මෙම මූල්‍ය හැකියාව ලබා දෙන බවයි.

මෙම stablecoin පහසුකම 2026 වසරේ දෙවන කාර්තුවේදී (Q2 2026) තෝරාගත් වෙළඳපොළවල් කිහිපයකදී ආරම්භ කිරීමට නියමිතයි

උපුටා ගැනීම : Techie Instants

Share This Article