1. Private IP (පෞද්ගලික ලිපිනය): මේක හරියට ඔෆිස් එකක තියෙන “Extension Number” එකක් (උදා: 101, 102) වගේ. මේ නම්බර්ස් වැඩ කරන්නේ ඔෆිස් එක (ඔයාගේ ගෙදර Network එක) ඇතුළේ විතරයි. පිට ඉන්න කෙනෙකුට මේකට කෙලින්ම කතා කරන්න බෑ.
(ඔයාගේ ෆෝන් එකට, ලැප්ටොප් එකට ගෙදර රවුටරෙන් දෙන්නේ Private IP එකක්)
2. Public IP (පොදු ලිපිනය): මේක හරියට ඔෆිස් එකේ “Main Phone Number” එක වගේ. මුළු ලෝකෙටම පේන, අන්තර්ජාලයට (Internet) සම්බන්ධ වෙන්න පාවිච්චි කරන ප්‍රධාන ලිපිනය තමයි මේක.
සාරාංශය (Summary):
ඔයාගේ ගෙදර තියෙන ෆෝන්, ලැප්ටොප් ඔක්කොම එකිනෙකා අඳුරගන්නේ Private IP වලින්. හැබැයි ඒ ඔක්කොම රවුටරය හරහා Internet එකට යන්නේ එකම එක Public IP එකක් පාවිච්චි කරගෙනයි!
Briefly: Private IP is like your internal office extension. Public IP is your main company phone number that connects you to the outside internet.
උපුටා ගැනීම: රහස් බොත්තම
