Qualcomm සමාගම සිය මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුවේ මූල්‍ය වාර්තා නිකුත් කර තිබෙනවා. ඔවුන්ගේ revenue සහ EPS (earnings per share) විශ්ලේෂක බලාපොරොත්තු ඉක්මවා ගියත්, ඉදිරි කාර්තුව සඳහා වන ඔවුන්ගේ අනාවැකිය (forecast) දුර්වල වීම නිසා කොටස් වෙළඳපොලේ ඔවුන්ගේ කොටස් මිල 10% කින් පමණ පහත වැටුණා.
මෙම තත්වයට ප්‍රධාන හේතුව ලෙස සමාගම පෙන්වා දෙන්නේ ගෝලීයව පවතින memory හිඟයයි. Data center සඳහා වන විශාල memory ඇණවුම් නිසා smartphone සඳහා අවශ්‍ය memory නිෂ්පාදන ධාරිතාවට බලපෑම් එල්ල වී තිබෙනවා. Qualcomm ප්‍රධාන විධායක නිලධාරී Cristiano Amon පවසන්නේ, ‘mobile වෙළඳපොලේ ප්‍රමාණය තීරණය කරන්නේ memory’ බවයි.
මෙම අභියෝගය මධ්‍යයේ වුවද, Qualcomm හි handset sales 3% කින්ද, Internet of Things (IoT) අංශය 9% කින්ද, සහ automotive අංශය 15% කින්ද වර්ධනය වී තිබෙනවා. මීට අමතරව, ඔවුන්ගේ AI සහ data center chip වලින් ලැබෙන ආදායම 2027 වන විට වාර්තා වනු ඇතැයි සමාගම අපේක්ෂා කරනවා.
උපුටා ගැනීම : Techie instants
