දැන් කාලේ AI කිව්වම හැමෝටම මතක් වෙන්නේ ChatGPT නේ. හැබැයි ඒකටත් වඩා සුපිරි වැඩ ටිකක් කරන්න පුළුවන්, Alibaba සමාගමෙන් හදපු අලුත්ම Qwen AI ගැන ඔයාලා දැනගෙන හිටියද?
මේක ඇත්තටම හැමෝටම පාවිච්චි කරන්න පුළුවන් Powerful Multi-talented AI එකක්.
History of Qwen ![]()
Qwen ගේ ආරම්භය වුණේ 2023 අවුරුද්දේ. Alibaba Cloud සමාගම මේක මුලින්ම ලෝකෙට හඳුන්වා දුන්නේ “Tongyi Qianwen” කියන නමින්. මුල් කාලේදී මේක චීන භාෂාවට (Chinese) විතරක් සීමා වෙයි කියලා හිතුවත්, මාස කිහිපයක් ඇතුළත මේක ගොඩක් දියුණු වුණා. අද වෙනකොට මේක ලෝකේ තියෙන හොඳම Open-source AI එකක් විදිහට හැමෝම පිළිගන්නවා.
1. Thinking Mode: Smartest Way to Solve Problems
ඔයාට මොනවා හරි අමාරු ගණිත ගැටලුවක් (Maths problem) හෝ ලොකු ප්ලෑන් එකක් ගැන හිතන්න තියෙනවා නම්, Qwen 3 එකේ Thinking Mode එක පාවිච්චි කරන්න පුළුවන්. මේකේ විශේෂත්වය තමයි, උත්තරය දෙන්න කලින් AI එක ඒ ගැන “හිතන විදිහ” පියවරෙන් පියවර අපිට බලාගන්න පුළුවන් වීම. හරියට මනුස්සයෙක් වගේ logic පාවිච්චි කරලා තමයි මේක උත්තර දෙන්නේ.
2. Image Generation: Create Stunning Visuals
ඔයාට අවශ්‍ය ඕනෑම පින්තූරයක් විස්තර කරලා ලස්සන High-quality images ඇඳගන්න Qwen-Image මාදිලිය උදව් වෙනවා. ගොඩක් AI වල පින්තූර ඇතුළේ තියෙන අකුරු (Text) හරියට එන්නේ නැහැ, හැබැයි Qwen එකෙන් පින්තූරයක් ඇතුළේ තියෙන බැනර් එකක වුණත් අකුරු ඉතාම පැහැදිලිව, නිවැරදිව නිර්මාණය කරලා දෙනවා.
3. Video Understanding & Creation
ඔයාට වීඩියෝ එකක් බලලා ඒකේ Summary එකක් දැනගන්න ඕනෙද? නැත්නම් වීඩියෝ එකක් ඇතුළේ වෙන විශේෂ දෙයක් සොයාගන්න ඕනෙද? Qwen-VL එකට ඒ ඕනෑම වීඩියෝ එකක් බලලා විස්තර කරන්න පුළුවන්. ඒ වගේම ඔයා දෙන පොඩි text එකකින් වීඩියෝ ක්ලිප් නිර්මාණය කරන්නත් මේකට හැකියාව තියෙනවා.
Sample video එකක් comment එකක් විදියට දාන්නම් මේ video වල watermark නෑ
4. Voice Cloning & Real-time Talk
Qwen AI එකට පුළුවන් කෙනෙක්ගේ කටහඬක් අහලා ඒ වගේම Voice clone කරන්න. ඒ විතරක් නෙවෙයි, මේක එක්ක අපිට ඉතාම ස්වාභාවික විදිහට real-time කතා කරන්නත් (Voice interaction) පුළුවන්. මේක හරියට ඔයාගේ ළඟම ඉන්න යාළුවෙක් වගේ වැඩ කරයි.
5. Open-source & Free Access
ලෝකේ තියෙන ගොඩක් ප්‍රබල AI මාදිලිවලට සල්ලි ගෙවන්න වුණත්, Qwen AI එක Open-source නිසා ගොඩක් දෙනෙක්ට මේකේ පහසුකම් නොමිලේම වගේ අත්හදා බලන්න අවස්ථාව ලැබිලා තියෙනවා. මේක හැමෝටම එක වගේ ප්‍රයෝජනවත් වෙන්නේ ඒ නිසයි.
The Future of Qwen ![]()
ඉදිරියේදී Qwen තවත් දියුණු වෙන්නේ අපේ එදිනෙදා වැඩවලට උදව් වෙන “AI Agent” කෙනෙක් විදිහටයි. ඒ කියන්නේ ඔයාට ඕන ප්ලෑන් එකක් හදලා දෙනවා විතරක් නෙවෙයි, ඒ වැඩේට අවශ්‍ය emails යවන එක, booking කරන එක වගේ දේවල් පවා තනියම කරන්න පුළුවන් මට්ටමට මේක ලෑස්ති වෙනවා. ඒ වගේම අනාගතයේදී රොබෝ තාක්ෂණය (Robotics) එක්ක එකතු වෙලා භෞතික ලෝකයේ වැඩ කරන්නත් Qwen සූදානම්.
උපුටා ගැනීම : මුහුනුපොත (the IT Clinic )
