අපි මෙච්චර කාලයක් ChatGPT වගේ AI පාවිච්චි කළේ අපේ වැඩ ලේසි කරගන්නනේ. හැබැයි 2026 අවුරුද්දේ පෙබරවාරි මුල සතියේ ඒක සම්පූර්ණයෙන්ම කණපිට හරවපු අලුත්ම වෙබ් අඩවියක් ආවා. ඒක තමයි Rentahuman.ai.
මේකේ නමේ තේරුම වගේම වැඩෙත් සරලයි: “මිනිසෙකු කුලියට ගන්න.” හැබැයි විශේෂත්වය වෙන්නේ මෙතැනදී මිනිස්සුන්ව කුලියට ගන්නේ තවත් මනුස්සයෙක් නෙවෙයි, AI මෘදුකාංගයක් (AI Agent) වීමයි.
මේකෙන් ඇත්තටම වෙන්නේ මොකක්ද?![]()
සමහර වැඩ තියෙනවා AI එකකට විතරක් තනියම කරන්න බැරි.
උදාහරණයක් විදිහට AI එකකට අන්තර්ජාලය ඇතුළේ ඕනෑම දෙයක් කරන්න පුළුවන් වුණාට, සැබෑ ලෝකයට ඇවිත් කඩේකට ගිහින් බඩුවක් ගන්න බැහැ, නැත්නම් ඇත්තම පරිගණකයක කේබල් එකක් ගහන්න බැහැ.
මෙන්න මේ වගේ වෙලාවට AI එක කරන්නේ Rentahuman.ai හරහා මිනිහෙක්ව කුලියට ගන්න එක.
අපිට තියෙන වාසිය:
ඔයාට පුළුවන් මේ සයිට් එකේ register වෙලා, “මම පැයකට රුපියල් 2000ක් ගන්නවා” කියලා දාන්න.
AI එක කරන දේ: AI ඒජන්තයෙක්ට (AI Agent) සැබෑ ලෝකයේ වැඩක් කරගන්න ඕන වුණාම, ඔයාව තෝරගෙන Crypto (Stablecoins) වලින් සල්ලි ගෙවලා ඒ වැඩේ කරවා ගන්නවා.
AI Agent කෙනෙක් කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ? (Technical පැත්ත)![]()
අපි ChatGPT පාවිච්චි කරද්දී ඒක ඉන්නේ Chat window එකක් ඇතුළේ හිරවෙලානේ. හැබැයි මේ Rentahuman.ai එක වැඩ කරන්නේ MCP (Model Context Protocol) කියන අලුත්ම තාක්ෂණය පාවිච්චි කරලා.
AI Agent කෙනෙක් මේ සයිට් එකට සම්බන්ධ වෙන්නේ ප්‍රධාන පියවර 3කින්:
1. API එක හරහා සම්බන්ධ වීම (API Integration):
Developer කෙනෙක් AI Bot කෙනෙක්ව හදද්දී, ඒ Bot ට Rentahuman.ai එකේ තියෙන API එක පාවිච්චි කරන්න අවසර දෙනවා. එතකොට ඒ AI එකට පුළුවන් සයිට් එකේ ඉන්න මිනිස්සුන්ගේ ලිස්ට් එක බලන්න.
2. තීරණ ගැනීම (Autonomous Reasoning):
උදාහරණයක් විදිහට, AI එකට ඕන වෙනවා “ලංකාවේ පන්සලක පින්තූරයක්” ගන්න. ඒත් AI එකට ඒක කරන්න බැහැ. එතකොට AI එක තනියම තීරණය කරනවා, “මම Rentahuman.ai එකේ ඉන්න ලංකාවේ කෙනෙක්ට $5ක් ගෙවලා මේක කරවා ගන්නවා” කියලා.
3.ස්වයංක්‍රීය ගෙවීම් (Smart Contracts):
වැඩේ පවරපු ගමන්, AI එක එයාගේ Crypto Wallet එක හරහා ඒ අදාළ මුදල “Escrow” (අතරමැදි ගිණුමකට) දානවා. ඔයා වැඩේ කරලා ඉවර වුණු ගමන් ඒ මුදල ඔයාගේ Wallet එකට එන්න ඒ AI එකම නියෝග ලබා දෙනවා.
මේක Fake එකක්ද? සල්ලි ලැබෙනවද?![]()
ගොඩක් අයට තියෙන ප්‍රශ්නය තමයි “AI එකක් කොහොමද අපිට පඩි ගෙවන්නේ?” කියන එක. මේකේ තාක්ෂණික පැත්ත මෙහෙමයි:
ගෙවීම් ක්‍රමය: AI එකට බැංකු පොත් නැති වුණාට, ඒගොල්ලන්ට Digital Wallets තියෙනවා. ඒ Wallet එකෙන් ඔයාගේ Wallet එකට සල්ලි එවන්න AI එකට පුළුවන්.
සල්ලි ගත්ත අය ඉන්නවද?:
මේ වෙබ් අඩවිය පටන් අරන් තාම දවස් 3-4ක් වගේ නිසා ලොකු පිරිසක් සල්ලි ගත්ත බවට වාර්තා වෙලා නැහැ. හැබැයි මේක හදපු “Alex” කියන Developer සහ තවත් කිහිප දෙනෙක් මේකේ ගනුදෙනු පරීක්ෂා කරලා (Testing) සාර්ථක වෙලා තියෙනවා.
අවදානම:
මේක තවම “අත්හදා බැලීමේ” මට්ටමේ තියෙන වැඩක්. ඒ නිසා දැනටම මේකෙන් කෝටිපතියෝ වෙන්න බැහැ. දැනට මේකේ තියෙන ගොඩක් වැඩ (Bounties) නිකන් විහිළුවට වගේ දාපුවා.
අපි සැලකිලිමත් වෙන්න ඕන දේවල්![]()
ආරක්ෂාව:
මේක අලුත්ම දෙයක් නිසා ඔයාගේ පෞද්ගලික බැංකු විස්තර දෙන්න ඉක්මන් වෙන්න එපා.
රැකියා අවස්ථා:
AI agent ලා තවම එච්චරටම දියුණු නැති නිසා පෝලිමට වැඩ ලැබෙයි කියලා හිතන්න එපා. මේක දැනට වැඩිපුරම තියෙන්නේ AI එක්ක අත්හදා බැලීම් කරන්න හදපු platform එකක් විදිහටයි.
උපුටා ගැනීම : මුහුණු පොත (Gen AI)
