Samsung සමාගම නවතම AI තාක්ෂණය සහිත Galaxy S26 දුරකථන පෙළ හඳුන්වා දෙයි

Mic
By Mic

Samsung Electronics විසින් San Francisco හිදී පැවති Galaxy Unpacked 2026 උළෙලේදී නවතම Galaxy S26 series එක එළිදක්වන ලදී. මෙහි Galaxy S26 Ultra මාදිලිය පෙරට වඩා සිහින් සහ බරින් අඩු නිමාවකින් යුක්ත වේ.

මෙහි හඳුන්වා දුන් Privacy Display විශේෂාංගය මගින් තිරයේ ඇති දෑ වෙනත් අයට දිස්වීම වළක්වයි. තවද Galaxy AI හරහා Now Nudge සහ Circle to Search යාවත්කාලීන කර ඇත. Bixby, Gemini සහ Perplexity එක්ව පරිශීලකයන්ට වඩාත් සරළ අත්දැකීමක් ලබා දෙයි.

මෙහි කැමරා පද්ධතිය 200MP wide-angle සහ 50MP telephoto කාච වලින් සමන්විත වන අතර Nightography සහ AI ISP මගින් ඡායාරූප වඩාත් පැහැදිලි කරයි. Photo Assist සහ Creative Studio මගින් AI තාක්ෂණය හරහා ඡායාරූප සංස්කරණය ඉතා පහසු කර ඇත.

උපුටා ගැනීම : Techie Instants

Share This Article