Samsung සමාගම Perplexity AI එක, “Hey Plex!” යන voice command එක යටතේ Galaxy AI වෙත හඳුන්වා දෙයි

Mic
By Mic

Samsung සමාගම සිය Galaxy AI පහසුකම තවදුරටත් පුළුල් කරමින් පරිශීලකයන්ගේ දෛනික වැඩ කටයුතු පහසු කිරීමට නව AI agent කෙනෙකු හඳුන්වා දී ඇත. බොහෝ දෙනෙකු විවිධ AI agents භාවිතා කරන බැවින් වඩාත් ගැලපෙන අත්දැකීමක් ලබා දීම මෙහි අරමුණයි.

මෙම Galaxy AI පද්ධතිය individual apps වලට සීමා නොවී system level එකෙන්ම ක්‍රියාත්මක වේ. මේ හරහා apps අතර මාරු වීමකින් තොරව පහසුවෙන් වැඩ කරගත හැක.

මෙම multi-agent ව්‍යාප්තිය යටතේ ඉදිරියට එන flagship Galaxy devices සඳහා Perplexity නමැති AI agent හඳුන්වා දෙනු ඇත. Hey Plex යන voice command එක මගින් හෝ side button එක මගින් මෙය ක්‍රියාත්මක කළ හැක. මෙය Samsung Notes, Gallery සහ Calendar වැනි apps සමග මනාව සම්බන්ධ කර ඇත.

උපුටා ගැනීම : Techie Instants

Share This Article