Siri ගේ අලුත්ම අවතාරය! ඔයාගේ Mac එකයි iPhone එකයි තනියම පාලනය කරන Apple ලගේ අලුත්ම “Agentic AI” රහස එළියට!

Mic
By Mic

මෙතෙක් කල් Siri ට කියලා අපි කරගත්තේ Alarm එකක් තියාගන්න එක, කෝල් එකක් ගන්න එක වගේ පොඩි පොඩි වැඩ විතරනේ. හැබැයි දැන් Apple සමාගම ඒ සීමාව සම්පූර්ණයෙන්ම බිඳ දමමින්, සාමාන්‍ය මනුෂ්‍යයෙක් පරිගණකයක් පාවිච්චි කරන විදිහටම Mac සහ iPhone තනියම පාලනය කරන අතිප්‍රබල Autonomous AI Agent කෙනෙක් හදන්න පටන් අරන් තියෙනවා! 🤯🚀

Apple වෙබ් අඩවියේ අලුතින්ම පළ වුණු “Senior Engineering Manager, Agentic AI” රැකියා ඇබෑර්තු (Job Listings) හරහා මේ රහස් ව්‍යාපෘතියේ සියලුම විස්තර ඊයේ (නොවැම්බර් 19) හෙළි වුණා.

මෙන්න Apple ලගේ මේ අලුත්ම Agentic AI එකෙන් කරන්න පුළුවන් පිස්සු හැදෙන වැඩ ටික:

🖥️ 1. මනුෂ්‍යයෙක් වගේ Mac එකයි iPhone එකයි පාලනය කිරීම! 🖱️

• Apple සමාගමේ දැන්වීමේ සඳහන් වෙන්නේ “දක්ෂ පුද්ගලයෙක් පරිගණකයක් පාවිච්චි කරන ආකාරයටම වැඩ කරන AI Agent කෙනෙක් ගැන හිතන්න” කියලයි.

• මේ AI එකට පුළුවන් ඔයාගේ Mac එකේ හෝ iPhone එකේ තියෙන Apps ඕපන් කරන්න, බටන් ක්ලික් කරන්න, Settings මාරු කරන්න සහ එක App එකකින් තවත් App එකකට දත්ත ගෙනියන්න!

🌐 2. තනියම Web Browsing සහ Bookings කිරීම ✈️🏨

• ඔයාට ට්‍රිප් එකක් යන්න ෆ්ලයිට් ටිකට් බුක් කරන්න, රෙස්ටුරන්ට් එකක ටේබල් එකක් රිසර්ව් කරන්න හෝ වෙබ් අඩවි කිහිපයක් පිරික්සලා රිපෝට් එකක් හදන්න ඕනේ නම්, මේ AI එක Safari Browser එක ඕපන් කරලා ඒ සියලුම පියවර (Multi-step tasks) තනියම කරලා දෙනවා.

💻 3. Coding සහ Terminal Commands රන් කිරීම 🛠️

• Developers ලාටත් මේක මාලිගාවක් වගේ! මේ AI එකට පුළුවන් Terminal commands රන් කරන්න, අලුතෙන් Code ලියන්න (Write code) වගේම තියෙන Code වල Bugs හොයලා නිවැරදි කරන්නත් (Debug).

🔒 4. Apple Privacy සහ 2027 දී එළියට! 🛡️

• Meta (Muse), OpenAI (Dots), Anthropic (Duet) සහ Google (Tasks) වගේ තරඟකරුවන් දැනටමත් මේ රේස් එකට බැහැලා ඉන්න නිසා, Apple සමාගමේ නව CEO John Ternus විසින් මේ වැඩේ ඉක්මන් කරන්න නියෝග දීලා තියෙනවා.

• හැබැයි අනිත් AI වගේ අපේ දත්ත Cloud එකට යවන්නේ නැතිව, 100% Apple Privacy ආරක්ෂාව ඇතුව 2027 අගභාගය වෙද්දී (OS 28 / Siri Upgrade එකත් එක්ක) මේක එළියට දාන්නයි සැලසුම් කරලා තියෙන්නේ.

Threejay Coms

Share This Article