Softlogic විසින් මිලියන 200ට වඩා අන්තර් ඩිජිටල් හුවමාරු සිදුවන ‘Lanka pay’හි ආරක්ෂිත මෘදුකාංග දත්ත මධ්‍යස්ථානයක්  සාර්ථකව බලගන්වයි

Share

ශ්‍රී ලංකා මහ බැංකුවේ මගපෙන්වීම සහ අධීක්ෂණය යටතේ 2002 වසරේදී LankaPay සමාගම ජාතික ගෙවීම් ජාලය ලෙස පිහිටුවන ලදී. එය මහ බැංකුවට සහ රටේ සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකුවලට අයත්, කලාපයේ වඩාත්ම සාර්ථකම රාජ්‍ය සහ පෞද්ගලික හවුල්කාරිත්වය සහිත සමාගම ලෙස සැලකේ. ඩිජිටල් ගෙවීම් සඳහා ඇති ඉල්ලුම දිනෙන් දින වර්ධනය වීමත් සමඟ LankaPay සමාගම සිය අඛණ්ඩ තාක්ෂණික පරිවර්තන ගමනේ වැදගත් පියවරක් ලෙස එහි යටිතල ව්‍යුහය වැඩිදියුණු කිරීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාවට නැංවීමට කටයුතු කර ඇත.

LankaPay හි තොරතුරු තාක්ෂණික අංශයේ සහකාර සාමාන්‍යාධිකාරී ඩිලන්ත සමරසිංහ  මහතා මෙසේ ප්‍රකාශ කළේය. “වැඩිවෙන ඉල්ලුමට සහ ධාරිතා වර්ධනයට සරිලන පරිදි පොදු කාඩ්පත් සහ ගෙවීම් පද්ධතිය (CCAPS) වැඩිදියුණු කිරීම අපගේ න්‍යාය පත්‍රයේ ඉහළ මට්ටමක පවතිනවා. ජාතික ගෙවීම් ජාලයේ ප්‍රධාන ක්‍රියාකරු ලෙස,  දත්ත මධ්‍යස්ථානවල යටිතල ව්‍යුහයේ ඇති වේගවත් බව සහ නිසි පරිමාණයක් සැපයීම සහතික කිරීම වෙනුවෙන් දත්ත මධ්‍යස්ථාන නවීන මෘදුකාංගවලට පරිවර්තනය කිරීම සඳහා ක්ෂේත්‍රයේ නවීනතම තාක්ෂණය සහ මෑත කාලීන නවීන යටිතල ව්‍යුහවලින් එය වැඩිදියුණු කිරීමට  නායකත්වය දීමට අප බලාපොරොත්තු වෙනවා. මෙම නව තාක්ෂණික වපසරිය තුළින් සාම්ප්‍රදායික දත්ත මධ්‍යස්ථානවල ඇතිවන අක්‍රමිකතාවන් සැලකිය යුතු මට්ටමකට මඟහරිමින් වැඩි වේගවත් සහ ආරක්ෂිත බවක් ලබාදෙනවා. විශේෂයෙන්ම virtualization, abstraction, resource pooling සහ automation  භාවිතා කිරීම හරහා එහි වේගවත් බව වැඩි දියුණු වෙනවා. Softlogic Information Technologies මඟින් අපගේ ආපදා ප්‍රතිසාධන අඩවිය අවම කාලයක් සහිතව සම්ප්‍රදායික Virtualized infrastructure සිට Hyperconverged infrastructure දක්වා දෝෂ රහිතව වැඩිදියුණු කිරීම සහ දත්ත නැවත ස්ථානගත කිරීම ඇත්තෙන්ම ප්‍රශංසනීයයි. නව VM ware යටිතල ව්‍යූහය හරහා අපට පෙර නොවූ විරූ පුළුල් හැකියාවක් ලබා දී ඇති අතර එමඟින් අපගේ මෙහෙයුම්වලදී දිනෙන් දින ඉහළ යන ඉල්ලීම් සපුරාලීමට  අත්‍යවශ්‍ය  තීරණාත්මක සාධකයක් වන වේගවත් බව මෙන්ම සුමට විගමනය ඔස්සේ අපගේ සේවාවන්ට ඇති බාධා අවම කර ගැනීමට  හැකියාව ලැබී තිබෙනවා”

Softlogic Information Technologies හි ප්‍රධාන විධායක නිලධාරී/ අධ්‍යක්ෂ රොෂාන් රසූල් මහතා මේ පිළිබඳව ඔහුගේ අදහස් මෙසේ සඳහන් කළේය. “වේගවත් බවින් වැඩි ආරක්‍ෂිත දත්ත මධ්‍යස්ථානයක් නිර්මාණය කිරීම සහ ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය පුළුල් කිරීම පිළිබඳව LankaPay විසින් අනුගමනය කරනු ලබන උපාය මාර්ගයයි. LankPay මෘදුකාංගයට අයත් දත්ත මධ්‍යස්ථානය (SDDC) සාර්ථක ලෙස සංවර්ධනය කිරීමට හැකියාව ලැබීම අප ලබා ගත් සුවිශේෂී ජයග්‍රහණයක්. SDDC යනු දත්ත මධ්‍යස්ථානවල ඊළඟ පරම්පරාවේ තාක්‍ෂණයයි. එමඟින්  නව සම්පත් සැපයීම සඳහා  වැය වන කාලය අවම වීම මෙන්ම වෙළෙඳ පාර්ශවය ස්වාධීන වීම වැනි ප්‍රතිලාභ රැසක් ලබාදෙනවා. එමෙන්ම මේ තුළින් දින සති ගණනාවක් වැය නොකර සේවා මධ්‍යස්ථාන වෙත පැමිණෙන සේවාදායකයන්ගේ සේවා කටයුතු සපුරාලීමට සහ වැඩි ගබඩා ධාරිතාවක් සැපයීමට අවස්ථාව උදා කර දෙනවා. LankaPay සමාගම සිය සේවා කටයුතු සඳහා නව තාක්‍ෂණය වැළඳගෙන ඇති ආකාරය පිළිබඳව අප සැබවින්ම විශ්මයට පත්වෙනවා. ඒ වගේම  ඔවුන්ගේ ඩිජිටල් ගමනේ කොටස්කරුවෙකු වීමට අපට ද අවස්ථාව ලබා දීම පිළිබඳව අපි ඔවුන්ට ස්තූතිවන්ත වෙනවා”

Softlogic Information technologies සමාගම විසින් වසර 30ක් පුරා දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ඉහළ ඉල්ලුමක් ඇති තාක්‍ෂණ වෙළඳපොළට, සේවා සැපයීමේ තිරසාර සාර්ථකත්වය සහ ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වර්ධනය සඳහා දක්වා ඇති දැඩි කැපවීම LankaPay දත්ත මධ්‍යස්ථානය සාර්ථකව නිම කිරීම කෙරෙහි ද ප්‍රබල හේතු සාධකයක් විය. ඒ අනුව  වර්තමානය වන විට Softlogic Information  සමාගම ලංකාවේ දත්ත මධ්‍යස්ථාන ක්‍රියාත්මක කිරීමේ සහ  virtualization ස්ථාපිත කිරීමේ ප්‍රමුඛයා බවට පත් වී ඇත. බොහෝ බැංකු, මූල්‍ය ආයතන, නිෂ්පාදන ව්‍යවසායකයන් සහ විශාල මෙන්ම මධ්‍යම පරිමාණයේ ආයතන රැසක්ම ඔවුන්ගේ දත්ත මධ්‍යස්ථාන ක්ෂේත්‍රයේ හොඳම විසඳුම් සපයන්නා ලෙස ආරක්ෂිතව හා විශ්වාසනීයත්වය තහවුරු කර ගනිමින් Softlogic Information සමාගම  සමඟ කටයුතු කරනු ලබයි.   දැනට Softlogic ආයතනය අන්තර්ජාතික Dell සමාගමේ දේශීය Titanium හවුල්කාරීත්වය ලබා ඇති අතර VMware හි ප්‍රධාන හවුල්කාරීත්වය ද (Principal partner) උසුලයි. තවද, Softlogic Information මේ වන විට ශ්‍රී ලංකාවේ සයිබර් ආරක්ෂණ ව්‍යාපාරයේ ද ප්‍රබලතම ක්‍රියාකාරී ආයතනයක් බවට පත් වී ඇත.

වැඩිදුර විස්තර සඳහා   www.softlogicit.lk වෙත පිවිසෙන්න.

Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top