Softlogic සමාගම ශ්‍රී ලංකාවේ මහා පරිමාණ සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වන Cybersecurity Solutions ක්ෂේත්‍රයේ හොඳම සහකරු ලෙස Eguardian  ගෞරවයෙන් පිදුම් ලබයි !

Share

2023 වසරේ Eguardian සමාගම සංවිධානය කරන ලද අලෙවි නියෝජිත හමුවේදී ශ්‍රී ලංකාවේ මහා පරිමාණ සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාරික සහකරු වෙනුවෙන් පිරිනමන කීර්තිමත් “Eguardian Partner of the year ,Large and Medium Business Partner Sri Lanka” සම්මානය පසුගියදා   Softlogic  Information Technologies (SITL) ආයතනය විසින් දිනා ගත්තේය. මෙම සම්මානය දශක තුනකට නොඅඩු දිගු ගමන් මඟ පුරාවට  Softlogic ආයතනය සයිබර් ආරක්‍ෂාව සම්බන්ධයෙන් සිදුකළ නොසැලෙන කැපවීම සහ විශිෂ්ට ප්‍රගතිය පිළිබඳව මනා සාක්ෂියක් වන අතර එම ආයතනයේ සුවිශේෂී වර්ධනය සහ එම සාර්ථකත්වය පිටුපස ඇති නොපසුබට උත්සාහය  එමඟින් වඩාත් අවධාරණය වේ.

පසුගිය සැප්තැම්බර් 16 වැනි දින පැවති මෙම Eguardian Partner Conference 2023 අවස්ථාව ශ්‍රී ලංකාවේ ඩිජිටල් ක්ෂේත්‍රය තුළ සයිබර් ආරක්ෂණය පිළිබඳව වැදගත් සන්ධිස්ථානයක් විය. ඩිජිටල් තාක්ෂණය පිළිබඳව  විශේෂඥවරුන් , තොරතුරු තාක්ෂණික අංශයේ ව්‍යවසායකයින් මෙන්ම ක්ෂේත්‍රයේ ප්‍රමුඛ තීරකයින් රැසක් සහභාගී වී සිටි මෙම අවස්ථාව  දැනුම හුවමාරු කර ගැනීම සඳහා මහඟු තෝතැන්නක් වූ අතර හවුල්කාරිත්වයන් පෝෂණය කර ගැනීම මෙන්ම  තාක්ෂණික ක්ෂේත්‍රය තුළ එහි වැදගත්කම අවධාරණය කිරීම වැනි  ඉලක්ක සපුරාගැනීමට ඉවහල් වූ කේන්ද්‍රස්ථානයක් ද විය. මෙම උත්සව අවස්ථාවේ මූලික අරමුණු වූයේ, ප්‍රවීණත්වය සහ සහයෝගීතාවය බෙදාගැනීම හරහා හවුල්කරුවන් අතර සබඳතා ශක්තිමත් කිරීම, ප්‍රධාන හවුල්කාර තාක්‍ෂණ ආයතනවල ප්‍රමුඛත්වය වර්ධනය කිරීම, ජාලාවක් සේ  පහසුකම් සැලසීමෙන් හවුල්කරුවන්ගේ අත්දැකීම් පොහොසත් කිරීම මෙන්ම ව්‍යාපාරවල ව්‍යාප්තිය සහ විවිධාංගීකරණය පෝෂණය කිරීමයි.

Softlogic සමාගම ශ්‍රී ලංකාවේ මහා පරිමාණ සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහකරු ලෙස Eguardian හි ගෞරවනීය පිළිගැනීමට පාත්‍ර වීම  සයිබර් ආරක්ෂණ ක්ෂේත්‍රය වෙනුවෙන් ඔවුන් සිදුකළ සුවිශේෂී දායකත්වය අවධාරණය කරන ජයග්‍රහණයක් වන අතර එය ආයතනයේ සමස්ත සයිබර් ආරක්ෂණ විසඳුම් සහ තාක්ෂණික කණ්ඩායමේ සාමූහික උත්සාහය මැනවින් පිළිබිඹු වන කදිම අවස්ථාවකි.ගනුදෙනුකරුවන් වෙනුවෙන් නවීනතම ආරක්ෂණ විසඳුම් සැලසුම් කිරීම,ක්‍රියාත්මක කිරීම සහ ගනුදෙනුකරුවන්ට අවශ්‍ය සහාය ලබා දීම සඳහා නොපසුබට වීරියෙන් කටයුතු කරමින් එම කණ්ඩායම  විසින් ඉටු කරන ලද තීරණාත්මක කාර්යභාරය මෙම ඇඟයුම ඔස්සේ ඉස්මතු වන අතර ඔවුන් සතු විශේෂඥතාව, නවෝත්පාදනය සහ විශිෂ්ටත්වය කර්මාන්තය ඉහළ ප්‍රමිතියක පිහිටුවීම කෙරෙහි සුවිශාල දායකත්වයක් විය.

Softlogic Information Technologies සමාගම මෙම පිළිගැනීම ඔවුන් විසින් නිරන්තරයෙන් සපයනු ලබන සයිබර් ආරක්ෂණ සේවාව සහ එහි සුවිශේෂී ගුණාත්මකභාවය වෙනුවෙන් ලැබූ ගෞරවයක් ලෙස සලකන අතර එය ඔවුන්ගේ කණ්ඩායමේ සාර්ථකත්වය වෙනුවෙන් ද ප්‍රබල උත්ප්‍රේරකයක් වනු ඇති බව විශ්වාස කරයි. එමෙන්ම මෙමඟින්  Softlogic සතු විශිෂ්ටත්වය සඳහා වූ කැපවීම යළි යළිත් තහවුරු වන බැවින් එය  ඔවුන්ගේ හවුල්කරුවන් සහ ගනුදෙනුකරුවන් වෙත අඛණ්ඩව උසස් මට්ටමේ විසඳුම් සහ අත්දැකීම් ලබා දීම වෙනුවෙන් මනා දිරීමත් කිරීමකි.

Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top