Softlogic IT සහ Dell ශ්‍රී ලංකාව තුළ වසර 30ක හවුල්කාරීත්වය සාර්ථකව සමරයි

Share

සොෆ්ට්ලොජික් ඉන්ෆෝර්මේෂන් ටෙක්නොලජිස් ආයතනය සහ Dell ටෙක්නොලජිස් සමාගම වෙළඳ සහයෝගය සහ සබඳතාවට වසර 30ක් පිරීම නිමිත්තෙන් සුවිශේෂි සැමරුම් උත්සවයක් පසුගියදා සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේ දී පවත්වන ලදී. මෙම අවස්ථාව සඳහා සොෆ්ට්ලොජික් ආයතනයේ ගනුදෙනුකරුවන් 100කට අධික ප්‍රමාණයක් සහභාගී විය.

පසුගිය වසර 30ක කාලය තුළ Dell වෙළඳ සන්නාමය ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත කිරීම හා එහි අලෙවිය ඉහළ නැංවීම වෙනුවෙන් Softlogic IT හි සුවිශේෂි දායකත්වය මෙහිදී ඇගයීමට ලක්විය. දේශීය වෙළඳපොල තුළ ද තොරතුරු තාක්ෂණයේ විශ්වාසනීය සන්නාමයක් ලෙස ” Dell ” හි භාණ්ඩ හා සේවා ප්‍රධාන අලෙවිකරු ලෙස Softlogic IT හි 30 වන ජයග්‍රාහී ගමන්මඟ මෙහිදී පැහැදිලි කෙරුණි.

Softlogic IT හි කළමනාකරණ අධ්‍යක්ෂ රොෂාන් රසූල් මහතා අදහස් දක්වමින් Dell ආයතනය සමඟ මෙම ව්‍යාපාරික හවුල්කාරීත්වය ආරම්භ කරන විට Dell උපාංග හා සේවාවන් පිළිබඳ දැනුම ශ්‍රී ලංකාව තුළ ඉතා අල්ප වූ බවත් අද වනවිට Dell සන්නාමය පරිගණක ක්ෂේත්‍රය තුළ ඉතා සුප්‍රකට සන්නාමයක් බවට පත් කිරීමට Softlogic IT හි දායකත්වය පැහැදිලි කරේය. තවද, Softlogic IT ආයතනය ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සඳහා තොරතුරු තාක්ෂණික විසඳුම් ලබාදීමේදී තාක්ෂණයේ සහ වෙළෙඳාමේ හැසිරීම පිළිබඳව මනා අවබෝධයෙන් කටයුතු කරන බව පැවසීය.

DELL Technologies ආයතනයේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කළමනාකරු වරුණ ජයලත් මහතා අදහස් දක්වමින් මෙම 30 වසරක විශ්වාසනීය සහයෝගය වෙනුවෙන් සුභ පැතුම් එක් කළ අතර ඉතා දිගු කාලයක් පුරාවට පැවත එන නොසැලෙන කැපවීම සහ විශ්වාසනීයත්වය මෙම ජයග්‍රහණයේ ප්‍රධාන සාධකය වූ බව ප්‍රකාශ කළේය. ඔහු තවදුරටත් ප්‍රකාශ කළ සිටියේ වසර 30කට අධික කාලයක් Softlogic IT ආයතනය ලබාගත් ජයග්‍රහණ නවීන තාක්ෂණයේ භාවිතයන් යොදාගනිමින් නිවැරදි තාක්ෂණික විසඳුම් ව්‍යාපාර ප්‍රජාවට ලබාදෙමින් ගොඩනඟාගත් ප්‍රතිරූපයේ ප්‍රතිඵලයක් බවත්ය.

Softlogic IT ආයතනය විසින් පාරිභෝගිකයන් වෙත ඉදිරිපත් කරන තොරතුරු තාක්ෂණික විසඳුම් යාවත්කාලීන වෙමින් කාර්යක්ෂමතාවය ඉහළ නංවමින් ඩිජිටල් පරිවර්තනයන් මෙහෙයවමින් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතනික අවස්ථා වෙනුවෙන් නවීන විසඳුම් මාලාවක් පවත්වනු ලබයි. මෙම විසඳුම් මාලාවන් හරහා විවිධ වූ ව්‍යාපාරික අවස්ථා හා අභියෝග ජයගැනීම වෙනුවෙන් මෙන්ම මෙහෙයුම් පිරිවැය අවම කිරීම, පරිගණක ආරක්ෂක විධිවිධාන ස්ථාපනය කිරීම සහ නවතම තාක්ෂණික ක්‍රමෝපායන් සවිබලගැන්වීම සිදුකරනු ලබයි. ඩිජිටල් සේවා ස්ථාන විසඳුම්, දත්ත මධ්‍යස්ථාන විසඳුම්, හයිබ්‍රිඩ් විසඳුම්, දත්ත විශ්ලේෂණ ක්‍රමවේදයන්, කෘත්‍රිම බුද්ධි භාවිත විසඳුම්, IOT විසඳුම් සහ උපදේශන සේවා විසඳුම් ද Softlogic IT ආයතනය තුළින් තම පාරිභෝගිකයින්ට ලබාගැනීමට හැකි සේවාවන් වේ.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු, https://softlogicit.lk/ වෙත පිවිසිමෙන් ලබාගත හැක.

Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top